ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 23:22 - Sinhala Revised Old Version

ඔව්හු මාගේ මන්ත්‍රණයෙහි පිහිටා සිටියෝ නම් ඔවුන් මාගේ වචනවලට කන්දෙන්ට මාගේ සෙනඟට සලස්වා ඔවුන්ගේ නපුරු මාර්ගයෙන්ද ඔවුන්ගේ ක්‍රියාවල නපුරුකමෙන්ද ඔවුන් හරවනවා ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔව්හු මාගේ උවදෙස් දැන සිටියෝ නම්, මාගේ පණිවුඩය මාගේ සෙනඟට ප්‍රකාශ කර, ඔවුන්ගේ නපුරු ගතිපැවතුම්වලින් ඔවුන් හරවන්නට ඔවුන්ට ඉඩ තිබිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔව්හු මාගේ උවදෙස් දැන සිටියෝ නම්, මාගේ පණිවුඩය මාගේ සෙනඟට ප්‍රකාශ කර, ඔවුන්ගේ නපුරු ගතිපැවතුම්වලින් ඔවුන් හරවන්නට ඔවුන්ට ඉඩ තිබිණි.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 23:22
18 හුවමාරු යොමු  

යෙරුසලමේ ප්‍රොපේතවරුන් අතරෙහිත් භයංකරවූ දෙයක් වන කාමමිථ්‍යාචාරය කිරීමත් බොරුකාරකමෙන් හැසිරීමත් දුටිමි. මෙසේ කිසිවෙක් තමාගේ නපුරුකමෙන් නොහැරෙන හැටියට ඔව්හු නපුරකරන්නන්ගේ අත් සවිකරති. ඔවුන් සියල්ලෝම මට සොදොම මෙන්ද එහි වැසියෝ ගොමොරාව මෙන්ද වී සිටිති.


එසේ කීමට ස්වාමීන්වහන්සේගේ මන්ත්‍රණයෙහි පිහිටා සිට උන්වහන්සේගේ වචනය දුටුවේවත් ඇසුවේවත් කවුද? උන්වහන්සේගේ වචනයට ඇහුම්කන්දී ඇසුවේ කවුද?


එනම්: නුඹලා එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන්ද නුඹලාගේ ක්‍රියාවල නපුරුකමෙන්ද හැරී ස්වාමීන්වහන්සේ නුඹලාටත් නුඹලාගේ පියවරුන්ටත් පුරාණයේ සිට සදාකාලයටම දුන් දේශයෙහි වාසයකරන්න.


මාගේ සියලු සේවකයන්වූ අනාගතවක්තෘවරුන් නුඹලා ළඟට එවීමි; අලුයම් වේලාවේ පටන්ම එවා: නුඹලා එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරී, අන් දෙවිවරුන්ට සේවයකරන්ට ඔවුන් පස්සේ නොගොස්, නුඹලාගේ ක්‍රියා හරිගස්සාගන්න, එවිට නුඹලාටත් නුඹලාගේ පියවරුන්ටත් මා විසින් දුන් දේශයෙහි නුඹලා වාසයකරන්නහුයයි කීවෙමි. එහෙත් නුඹලා කන් යොමුකළේවත් මට ඇහුම්කන්දුන්නේවත් නැත.


මා විසින් යූදා වංශයට කරන්ට අදහස්කරන මුළු විපත්තිය ගැන සමහරවිට ඔවුන් අසා, මා විසින් ඔවුන්ගේ අයුතුකමත් පාපයත් කමා කරන පිණිස එක එකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරෙනවා ඇතැයි කීය.


මේක තේරුම්ගන්ට පුළුවන් ප්‍රඥාවන්තයා කවුද? ප්‍රකාශකරන පිණිස මෙය ස්වාමීන්වහන්සේගේ මුඛයෙන් කියනු ලැබුවේ කාටද? කිසිවෙක් දේශය මැදින් නොයන ලෙස එය නටබුන්වුණෙත් කාන්තාරයක් මෙන් දාලා ගියෙත් මක්නිසාද?


මා විසින් ධර්මිෂ්ඨයාගේ සිතට කණගාටු නොකළ නුමුත් නුඹලා බොරුවෙන් එය ශෝකකළ නිසාද දුෂ්ටයා ජීවත්වෙන පිණිස ඔහු තමාගේ නපුරු මාර්ගයෙන් නොහැරෙන හැටියට නුඹලා ඔහුගේ අත් බලවත්කළ නිසාද,


නුඹලා කපලුවලට නැගුණේවත් ස්වාමීන්වහන්සේගේ දවසේ සටනේදී සවිව සිටීමට නුඹලා ඉශ්‍රායෙල් වංශය වටකර තාප්පයක් ගොඩනැගුවේවත් නැත.


එබැවින්, එම්බා ඉශ්‍රායෙල් වංශය, මම නුඹලා එක එකා තම තමාගේ මාර්ගවල හැටියට විනිශ්චයකරන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. නුඹලා හැරී ඇවිත් නුඹලාගේ සියලුම වරදවලින් හැරෙන්න; එවිට අයුතුකම නුඹලාගේ පැකිලීමට කාරණයක් නොවන්නේය.


ඔවුන් ඉතා කැරළිකාර බැවින් ඔවුන් අසතත් නොඅසතත් මාගේ වචන ඔවුන්ට කියන්න.


මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශයට නුඹ මුරකාරයෙකු කෙළෙමි. නුඹ මාගේ මුඛයෙන් වචනය අසා, මාගේ නාමයෙන් ඔවුන්ට අවවාදකරන්න.


සැබවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ තමන්ගේ රහස තමන් මෙහෙකරුවන්වූ අනාගතවක්තෘවරුන්ට එළිදරව් නොකර කිසිවක් නොකරනසේක.


නුඹලාගේ පියවරුන්ට සමාන නොවෙන්න, පළමු අනාගතවක්තෘවරුන්: නුඹලාගේ නපුරු මාර්ගවලින්ද නපුරු ක්‍රියාවලින්ද හැරෙන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක කියා ඔවුන්ට මොරගැසූ නුමුත්, ඔවුන් ඇසුවේවත් මට ඇහුම්කන්දුන්නේවත් නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


සැබෑකමේ ව්‍යවස්ථාව ඔහුගේ මුඛයෙහි තිබුණේය, අධර්මිෂ්ඨකමක් ඔහුගේ තොල්වල සම්බ නොවීය. ඔහු සමාදානයෙන්ද අවංකකමෙන්ද මා සමඟ හැසිර, බොහෝ දෙනෙකු අපරාධයෙන් හරවාගත්තේය.


මක්නිසාද දෙවියන්වහන්සේගේ මුළු අභිප්‍රාය නුඹලාට ප්‍රකාශකිරීමෙන් නොවැලකුණෙමි.


එබැවින් වෙන තැනැත්තන් මෙන් අපි නිදා නොගෙන, අවදිව මත් නොවී සිටිමු.