ඔහුගේ දවස්වලදී මිසරයේ රජවූ ඵාරාවෝ-නෙකො අෂූර්හි රජුට විරුද්ධව ප්‍රාත් ගඟ ළඟට ගියේය; එවිට යොෂියා රජ ඔහුට විරුද්ධව ගියේය. මිසරයේ රජද මෙගිද්දෝහිදී ඔහු දුටු විට ඔහු මැරීය.
යෙරෙමියා 22:11 - Sinhala Revised Old Version මක්නිසාද යොෂියාගේ පුත්‍රවූ, යූදාහි රජවූ, තමාගේ පියවූ යොෂියා වෙනුවට රජකම්කළාවූ, මේ ස්ථානයෙන් පිටත්ව ගියාවූ ෂල්ලුම් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔහු මෙහි තවත් හැරී නෑවිත්, Sinhala New Revised Version ජොෂියා රජුගේ ඇවෑමෙන් ජුදාහි රජකමට පත් වූ එතැනින් පලා ගිය ඔහුගේ පුත් ජෝවාහාස් ගැන සමිඳාණන් වහන්සේ කතා කොට, Sinhala New Revised Version 2018 ජොෂියා රජුගේ ඇවෑමෙන් ජුදාහි රජකමට පත් වූ එතැනින් පලා ගිය ඔහුගේ පුත් ජෝවාහාස් ගැන සමිඳාණන් වහන්සේ කතා කොට, |
ඔහුගේ දවස්වලදී මිසරයේ රජවූ ඵාරාවෝ-නෙකො අෂූර්හි රජුට විරුද්ධව ප්‍රාත් ගඟ ළඟට ගියේය; එවිට යොෂියා රජ ඔහුට විරුද්ධව ගියේය. මිසරයේ රජද මෙගිද්දෝහිදී ඔහු දුටු විට ඔහු මැරීය.
ඔහුගේ සේවකයෝ මළාවූ ඔහු රථයකින් මෙගිද්දෝ සිට යෙරුසලමට ගෙනවුත් ඔහුගේම සොහොන්ගෙයි ඔහු තැන්පත්කෙළෝය. එවිට දේශයේ සෙනඟ යොෂියාගේ පුත්‍රවූ යෙහෝවාහාස් කැඳවාගන ආලේපකොට ඔහුගේ පියා වෙනුවට ඔහු රජකමට පත්කළෝය.
යෙහෝවාහාස් විසිතුන් හැවිරිදි වයසේදී රජවී තුන් මසක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම හමුතල්ය, ඈ ලිබ්නාහි යෙරෙමියාගේ දුවෙක්ය.
තවද ඵාරාවෝ-නෙකො තෙමේ යොෂියා රජුගේ පුත්‍රවූ එලියාකිම් ඔහුගේ පියවූ යොෂියා වෙනුවට රජකමට පත්කොට, ඔහුගේ නාමය යෙහෝයාකිම්ය කියා වෙනස් කෙළේය. නුමුත් ඔහු යෙහෝවාහාස් රැගෙන මිසරයට ගියේය; එහිදී ඔහු මළේය.
යොෂියාගේ පුත්‍රයෝ නම්: කුලුඳුලා යෝහානාන්ය, දෙවෙනියා යෙහෝයාකිම්ය, තුන්වෙනියා ශෙදෙකියාය, හතරවෙනියා ෂල්ලුම්ය.
එකල එප්‍රායිම් පුත්‍රයන්ගේ ප්‍රධානීන්ගෙන් සමහරෙක් වූ යොහානාන්ගේ පුත්‍රවූ අසරියාද මෙෂිල්ලේ-මොත්ගේ පුත්‍රවූ බෙරෙකියාද ෂල්ලුම්ගේ පුත්‍රවූ යෙහිස්කියාද හද්ලයිගේ පුත්‍රවූ අමාසාද යුද්ධයෙන් ආ අයට විරුද්ධව නැගිට සිට,
එවිට හිල්කියාද රජුගේ ආඥාව ලැබූ අනික් අයද හස්රාගේ පුත්‍රයා වන තොක්හත්ගේ පුත්‍රවූ වස්ත්‍ර භාරකාරයාවූ ෂල්ලුම්ගේ භාර්යාව වන හුල්දා නම් ප්‍රොපේතවරිය වෙතට ගොස් ඒ හැටියට ඈට කථාකළෝය; ඕතොම යෙරුසලමේ දෙවෙනි කොටසෙහි විසුවාය.
ආමොන්ගේ පුත්‍රවූ යූදාහි රජවූ යොෂියාගේ දවස්වලදී හෙසකියාගේ පුත්‍රවූ අමරියාගේ පුත්‍රයා වන ගෙදලියාගේ පුත්‍රවූ කූෂිගේ පුත්‍රයා වන ශෙපනියා වෙතට පැමිණි ස්වාමීන්වහන්සේගේ වචනයය.