Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 22:12 - Sinhala Revised Old Version

12 ඔහු අල්ලාගෙන යනු ලැබූ ස්ථානයේදීම මැරෙන්නේය, ඔහු තවත් මේ දේශය නොදක්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 “ඔහු වහල්කමට ගෙනයනු ලැබූ තැන ම නසින්නේ ය. ඔහුගේ මේ දේශය කවදාවත් ඔහු නැවත නොදකින්නේ යැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 “ඔහු වහල්කමට ගෙනයනු ලැබූ තැන ම නසින්නේ ය. ඔහුගේ මේ දේශය කවදාවත් ඔහු නැවත නොදකින්නේ යැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 22:12
6 හුවමාරු යොමු  

තවද ඵාරාවෝ-නෙකො තෙමේ යොෂියා රජුගේ පුත්‍රවූ එලියාකිම් ඔහුගේ පියවූ යොෂියා වෙනුවට රජකමට පත්කොට, ඔහුගේ නාමය යෙහෝයාකිම්ය කියා වෙනස් කෙළේය. නුමුත් ඔහු යෙහෝවාහාස් රැගෙන මිසරයට ගියේය; එහිදී ඔහු මළේය.


එබැවින් යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අහෝ මාගේ සහෝදරය! අහෝ සහෝදරිය! කියා ඔව්හු ඔහු ගැන නොවැලපෙන්නෝය. අහෝ ස්වාමිනි! අහෝ ඔහුගේ මහිමය! කියා ඔහු ගැන නොවැලපෙන්නෝය.


නුඹලා ජාතීන් අතරෙහි නැතිවන්නහුය, නුඹලාගේ සතුරන්ගේ දේශය, නුඹලා කා දමන්නීය.


ඔහුගේ දවස්වලදී මිසරයේ රජවූ ඵාරාවෝ-නෙකො අෂූර්හි රජුට විරුද්ධව ප්‍රාත් ගඟ ළඟට ගියේය; එවිට යොෂියා රජ ඔහුට විරුද්ධව ගියේය. මිසරයේ රජද මෙගිද්දෝහිදී ඔහු දුටු විට ඔහු මැරීය.


ඔවුන් හැරීඑන්ට ආශාවෙන දේශයට නම් ඔව්හු හැරී නොඑන්නෝය.


මක්නිසාද: මාගේ උදහසත් කෝපයත් යෙරුසලමේ වැසියන් පිටට වැගුරුණාක්මෙන්, නුඹලා මිසරයට පැමුණුණාම නුඹලා පිටටත් මාගේ කෝපය වැගිරෙනවා ඇත. නුඹලා ඇවීමක්ද විස්මයක්ද ශාප-වචනයක්ද නින්දාවක්ද වන්නහුය; මේ ස්ථානය නුඹලා තවත් දකින්නෙත් නැතැයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්