ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට අසා කමාවී, ඔබ අපේ පියවරුන්ට දුන් දේශය මතුපිට ඔවුන් ජීවත්වෙන සියලු දවස්වල ඔබ කෙරෙහි භය ඇතුව සිටින පිණිස, සිත දන්නාවූ ඔබ එකිනෙකාට තම තමාගේ සියලු මාර්ගවල හැටියට ඉෂ්ටකර දුනමැනව.
යෙරෙමියා 17:10 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ වන මම එකිනෙකාට තම තමාගේ මාර්ග ලෙසද ක්‍රියාවල ඵල ලෙසද දෙන පිණිස සිත විභාගකොට, අදහස් සෝදිසිකරමි. Sinhala New Revised Version සමිඳුන් වන මම, මිනිසාගේ සිත සෝදිසි කර බලමි; මිනිසාගේ හදවත පරීක්ෂා කර බලමි. එසේ කරන්නේ, මිනිසාගේ හැසිරීම අනුව ඔහු ජීවත් වන පිළිවෙළ ලෙස ඔහුට විපාක දෙන පිණිස ය.” Sinhala New Revised Version 2018 සමිඳුන් වන මම, මිනිසාගේ සිත සෝදිසි කර බලමි; මිනිසාගේ හදවත පරීක්ෂා කර බලමි. එසේ කරන්නේ, මිනිසාගේ හැසිරීම අනුව ඔහු ජීවත් වන පිළිවෙළ ලෙස ඔහුට විපාක දෙන පිණිස ය.” |
ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට අසා කමාවී, ඔබ අපේ පියවරුන්ට දුන් දේශය මතුපිට ඔවුන් ජීවත්වෙන සියලු දවස්වල ඔබ කෙරෙහි භය ඇතුව සිටින පිණිස, සිත දන්නාවූ ඔබ එකිනෙකාට තම තමාගේ සියලු මාර්ගවල හැටියට ඉෂ්ටකර දුනමැනව.
සාලමොන්, මාගේ පුත්‍රය, නුඹ නුඹේ පියාගේ දෙවියන්වහන්සේ හැඳින සම්පූර්ණ සිතකින් හා ප්‍රසන්න ආත්මයකින් උන්වහන්සේට මෙහෙකරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියලු සිත් විමසා කල්පනාවල සියලු අදහස් තේරුම්ගන්නාසේක. නුඹ උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ නුඹට සම්බවෙනවා ඇත; නුමුත් නුඹ උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේ නුඹ සදාකාලයටම අහක දමනවා ඇත.
මාගේ දෙවියන්වහන්ස, ඔබ සිත සෝදිසිකරන බවත් අවංකකමට ප්‍රසන්න බවත් දනිමි. මම වනාහි මාගේ සිතේ අවංකකමින් මේ සියල්ල කැමැත්තෙන්ම ඔප්පු කෙළෙමි. දැන් මෙහි සිටින ඔබගේ සෙනඟද සතුටු සිතින් ඔබට පූජාකරන බව ප්‍රීතියෙන් දුටිමි.
ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට අසා, කමාවී, ඔබ අපේ පියවරුන්ට දුන් භූමිය මතු පිට ඔවුන් ජීවත්වෙන සියලු දවස්වල ඔබ කෙරෙහි භයවී ඔබගේ මාර්ගවල හැසිරෙන පිණිස,
මක්නිසාද උන්වහන්සේ මනුෂ්‍යයෙකුගේ ක්‍රියා ලෙස ඔහුට ප්‍රතිඵල දී, ඒ ඒ අයගේ හැසිරීමේ හැටියට ඔහුට සිද්ධවෙන්ට සලස්වනසේක.
එසේය, දවස මුළුල්ලේ ඔබ නිසා අපි මරනු ලබමුව; මැරීමට නියම බැටළුවන් මෙන් ගණිනලද්දෝ වමුව.
ස්වාමිනි, කරුණාවත් ඔබට අයිති බවත්ය. මක්නිසාද ඔබ එක එක මනුෂ්‍යයාට ක්‍රියාවේ හැටියට ප්‍රතිඵල දෙනසේක.
අනේ දුෂ්ටයන්ගේ දුෂ්ටකම කෙළවර වේවා, නුමුත් ධර්මිෂ්ඨයා ස්ථිරකළ මැනව. මක්නිසාද ධර්මිෂ්ඨවූ දෙවියන්වහන්සේ සිත් හා අදහස් පරීක්ෂාකරනසේක.
මනුෂ්‍යයෙක් තමාගේ මුඛයේ ඵලය නිසා යහපතෙන් තෘප්තිමත්වන්නේය; මනුෂ්‍යයෙකුගේ දෑතේ ක්‍රියාවල ඵලයද ඔහුට දෙනු ලැබේ.
ඉර යට කෙරෙන සියල්ල අතරේ ඇති නරකක් නම් සියල්ලන්ට එක සිද්ධියක් ඇතිවීමය. එසේ මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් නපුරෙන් පිරී ඔවුන් ජීවත්වන තෙක් මෝහය ඔවුන්ගේ සිත්වල තිබේ, ඉන්පසු ඔව්හු මළවුන් ළඟට යන්නෝය.
උන්වහන්සේ ඔවුන්ගේ ක්‍රියාවල හැටියට තමන්ගේ එදිරිකාරයන්ට කෝපයද තමන්ගේ සතුරන්ට දඬුවමද ප්‍රතිඵල කොට දෙනවා ඇත; උන්වහන්සේ දිවයින්වලට ප්‍රතිඵල දෙනසේක.
එහෙත්, ධර්මිෂ්ඨලෙස විනිශ්චයකරන්නාවූ, හෘදයත් සිතත් විමසන්නාවූ සේනාවල ස්වාමීන්වහන්ස, ඔබ ඔවුන්ගෙන් පළිගන්නවා දකින්ට මට ලැබේවා; මක්නිසාද මම මාගේ කාරණය ඔබට ප්‍රකාශකෙළෙමි.
ඔව්හු තිරිඟු වපුරා කටු ගස් කපාගත්තෝය; ඔව්හු වෙහෙසුණු නුමුත් ප්‍රයෝජන නොලබති; මෙසේ ස්වාමීන්වහන්සේගේ බලවත් උදහස නිසා නුඹලාගේ අස්වැන්න ගැන ලජ්ජාවන්නහුය.
ධර්මිෂ්ඨයා සෝදිසිකරන්නාවූ, අදහස්ද සිතද දකින්නාවූ සේනාවල ස්වාමීන්වහන්ස, ඔබ ඔවුන්ගෙන් පළිගන්නවා දකින්ට මට ලැබේවා; මක්නිසාද මාගේ කාරණය ඔබට ප්‍රකාශකෙළෙමි.
මම නුඹලාගේ ක්‍රියාවල ඵල ලෙස නුඹලාට දඬුවම් කරන්නෙමි. මම ඇගේ කැලෑවෙහි ගින්නක් අවුළුවන්නෙමි, එයින් ඈ වටකර තිබෙන සියලු තැන් දාලා යනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මාගේ සෙනඟ පෝෂණයකරන එඬේරුන්ට විරුද්ධව මෙසේ කියනසේක: නුඹලා මාගේ බැටළුවන් බලා නොගෙන, ඔවුන් විසුරුවා පන්නාදැමුවහුය; බලව, නුඹලාගේ ක්‍රියාවල නපුරුකමට නුඹලාට දඬුවම්කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
මන්ත්‍රණයෙන් උතුම්ව ක්‍රියාවෙන් බලවත්ව සිටින්නාවූ දෙවියන්වහන්සේය. එකිනෙකාට තම තමාගේ මාර්ග ලෙසද ක්‍රියාවල ඵල ලෙසද දෙන පිණිස ඔබගේ ඇස් මනුෂ්‍ය පුත්‍රයන්ගේ සෑම මාර්ග දෙස ඇරී තිබේ.
එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය මා කෙරෙහි පැමිණ කියනුයේ: ස්වාමීන්වහන්සේ මෙසේ කියන සේකැයි කියන්න–අනේ, ඉශ්‍රායෙල් වංශය, නුඹලා එසේ කීවහුය; නුඹලාගේ සිත්වල හටගන්නා දේවල් දනිමි.
මෙසේ කරන්නේ මුළු ඉශ්‍රායෙල් වංශය තමුන්ගේ දේවරූප කරණකොටගෙන මාගෙන් වෙන්ව ගිය බැවින් ඔවුන්ගේ සිත් තුළෙහිම ඔවුන් අසුකරන පිණිසය.
මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා තමන් පියාණන්වහන්සේගේ තේජසින් යුක්තව තමන් දූතයන් සමඟ එන්නේය; එකල උන්වහන්සේ එකිනෙකාට තම තමාගේ ක්‍රියා ලෙස විපාක දෙනසේක.
මනුෂ්‍යයා ගැන යමෙකුගේ සාක්ෂියෙන් උන්වහන්සේට ඕනෑකමක් නැති බැවින්ද තමන්ම ඔවුන්ට භාරනුවූසේක.
තවද ඔව්හු යාච්ඤාකරමින්: සියල්ලන්ගේ සිත් දන්නාවූ ස්වාමීන්වහන්ස, තමාගේම ස්ථානයට යන පිණිස යම් මෙහෙයකින්ද ප්‍රේරිතකමකින්ද යූදස් වැටී ගියේද,
ඉඳින් නුඹලා දැන් යම් දෙයකට ලජ්ජාව සිටිවුද, එකල්හි ඒ දෙයින් කුමන ඵලයක් ලැබුවහුද? මක්නිසාද ඒ දේවල කෙළවර නම් මරණයය.
ඒ ආත්මයාණන්වහන්සේ දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ශුද්ධවන්තයන් උදෙසා මැදහත්කම්කරන බැවින්, සිත් විමසන තැනන්වහන්සේ උන්වහන්සේගේ අදහස කුමක්දැයි දන්නාසේක.
ඇගේ දරුවන්ද වසංගතයෙන් නසන්නෙමි; මා වනාහි අදහස්ද හෘදයන්ද විමසන තැනැත්තා බව සියලු සභාවෝ දැනගන්නාහුය. මම නුඹලා එක් එක්කෙනාට නුඹලාගේ ක්‍රියා හැටියට දෙන්නෙමි.
මළාවූ ලොකු අයද කුඩා අයද සිංහාසනය ඉදිරියෙහි සිටිනවා දුටිමි; පොත්ද දිගහරිනු ලැබුවේය. ජීවනපොත වන තවත් පොතක් දිගහරිනු ලැබීය. මළාහු තමුන්ගේ ක්‍රියා ලෙස පොත්වල ලියනලද දේවලින් විනිශ්චයකරනු ලැබුවෝය.
මෙන්න, ඉක්මනින් එමි; එකිනෙකාට තම තමාගේ ක්‍රියාවේ හැටියට දෙන පිණිස මා සමඟ විපාක තිබේ.
නුමුත් ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: ඔහුගේ පෙනීම දෙසවත් ශරීරයේ උස දෙසවත් නොබලන්න; මක්නිසාද මම ඔහු එපාකෙළෙමි. ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයා බලන්නාක්මෙන් නොබලනසේක; මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනීම බලන්නේය, නුමුත් ස්වාමීන්වහන්සේ සිත බලනසේකැයි කීසේක.