එවිට මෝසෙස් උත්තර දෙමින්: එහෙත් බැලුව මැනව, ඔවුන් මා විශ්වාස නොකොට, මාගේ හඬට ඇහුම්කන් නොදී, ස්වාමීන්වහන්සේ නුඹට නොපෙනුණුසේකැයි කියනවා ඇතැයි කීය.
යෙරෙමියා 1:6 - Sinhala Revised Old Version එවිට මම: අනේ, ස්වාමිවූ දෙවියන්වහන්ස, මම කථාකරන්ට නොදනිමි, මක්නිසාද මම බාලයෙක්මියි කීමි. Sinhala New Revised Version එවිට මම, “මහෝත්තම ස්වාමීන් වන දෙවියන් වහන්ස, මා ළා බාලයෙකු වන බැවින් මම කතා කරන්නට නොදනිමි”යි කීවෙමි. Sinhala New Revised Version 2018 එවිට මම, “මහෝත්තම ස්වාමීන් වන දෙවියන් වහන්ස, මා ළා බාලයෙකු වන බැවින් මම කතා කරන්නට නොදනිමි”යි කීවෙමි. |
එවිට මෝසෙස් උත්තර දෙමින්: එහෙත් බැලුව මැනව, ඔවුන් මා විශ්වාස නොකොට, මාගේ හඬට ඇහුම්කන් නොදී, ස්වාමීන්වහන්සේ නුඹට නොපෙනුණුසේකැයි කියනවා ඇතැයි කීය.
මෝසෙස් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කථාකොට: බැලුව මැනව, ඉශ්‍රායෙල් පුත්‍රයෝ මට ඇහුම්කන් නුදුන්නෝය; එසේවීනම් ඵාරාවෝ අදක්ෂ තොල් ඇති මට කන්දෙන්නේ කෙසේදැයි කීවේය.
මෝසෙස් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කථාකොට: මම අදක්ෂ තොල් ඇති කෙනෙක් වෙමි, ඵාරාවෝ මට ඇහුම්කන්දෙන්නේ කොහොමදැයි කීවේය.
එවිට මම කථාකොට: අහෝ! මට දුක්වේ! මක්නිසාද මට විනාශය විය; කුමක් හෙයින්ද අපවිත්‍ර තොල් ඇති මනුෂ්‍යයෙක්ව සිටින්නාවූ, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ වසන්නාවූ මම සේනාවල ස්වාමිවූ රජ්ජුරුවන්වහන්සේ මාගේ ඇස්වලින් දුටුවෙමියි කීමි.
එකල මම: අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස–නුඹලා කඩුව දකින්නේවත් නුඹලාට සාගතය පැමිණෙන්නේවත් නැතුව, ස්ථිර සමාදානය මේ ස්ථානයෙහි නුඹලාට දෙන්නෙමියි අනාගතවක්තෘවරු ඔවුන්ට කියතියි කීමි.
අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ මහත් බලයෙන්ද දිගුකළ ඔබගේ හස්තයෙන්ද ඔබ අහසත් පොළොවත් මැවූසේක; ඔබට බැරිවූ කිසි දෙයක් නැත්තේය.
බබිලෝනියේ රජුගේ සේනාවද යෙරුසලමටත් ඉතුරුව තිබුණු යූදාහි සියලුම නුවරවලටත් ලාකීෂ්ටත් අසේකාටත් විරුද්ධව යුද්ධකරමින් සිටි කල්හි,
එවිට මම: අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස-නුඹලා මට සමාදානය වන්නේය කියා සැබවින්ම ඔබ මේ සෙනඟත් යෙරුසලමත් බොහෝසෙයින් රැවටූසේක; එහෙත් කඩුව ප්‍රාණය දක්වාම වදින්නේයයි කීවෙමි.
එවිට මම: අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස! මාගේ ප්‍රාණය අපවිත්‍ර නොවීය. මාගේ බාලවයසේ පටන් දැන් දක්වාම කුණපවත් මෘගයන් විසින් ඉරාදැමූ සතෙක්වත් නොකෑවෙමි; පිළිකුල් මාංස මාගේ කටට ඇතුල් නොවීයයි කීමි.
නුඹ දුව ගොස් අර තරුණයාට කථාකර–යෙරුසලම තුළ මනුෂ්‍යයන්ගේද සිව්පාවුන්ගේද වැඩිකම නිසා පවුරු නැති ගම්වල මෙන් මිනිස්සු එහි වාසයකරන්නෝය.