ගීතාවලිය 96:5 - Sinhala Revised Old Version මනුෂ්‍ය වර්ගයන්ගේ සියලු දෙවිවරු පිළිම පමණක්ය. නුමුත් ස්වාමීන්වහන්සේ ආකාශ මණ්ඩලය සෑදූසේක. Sinhala New Revised Version ජනතාවගේ සියලු දෙවිවරු පිළිම පමණකි; සමිඳාණෝ ම දෙව් ලොව මැවූ සේක. Sinhala New Revised Version 2018 ජනතාවගේ සියලු දෙවිවරු පිළිම පමණකි; සමිඳාණෝ ම දෙව් ලොව මැවූ සේක. |
බලව, ඔවුන් සියල්ලෝම කිසිත් නැතිකමය, ඔවුන්ගේ වැඩ නිෂ්ඵලකමය; ඔවුන්ගේ පිළිම සුළඟ සහ වියවුලය.
ආකාශ මණ්ඩලය මවා ඒවා දිග ඇරියාවූද, පොළොව සහ එහි සෑදෙන දේ ඇතුරුවාවූද, එහි සෙනඟට හුස්මත් එහි හැසිරෙන්නන්ට ආත්මයත් දෙන්නාවූද දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක.
මේ පාවුල් වනාහි අත්වලින් කරනලද දෙවිවරු දෙවිවරු නොවෙතියි කියමින් එපීසයෙහි පමණක් නොව මුළු ආසියාවේ සෑම තැනම වාගේ බොහෝ සෙනඟ උගන්වා හරවාගත් බව නුඹලාට දකින්ටද අසන්ටද ලැබී තිබේ.
ඉතින් දේවතාවන්ට පුදනලද කෑම ගැන වනාහි, දේවතාවෙක් ලෝකයෙහි කිසිත් නැති බවත්, එකම දෙවිකෙනෙක් මිස අන් දෙවිකෙනෙක් නැති බවත් දනිමුව.