මක්නිසාද ඔහු සියලු මනුෂ්‍යයන්ටද එශ්‍රාහිය ඒතාන්ටද මාහොල්ගේ පුත්‍රයන්වූ හේමන්ටද කල්කොල්ටද දර්දාටද වඩා ප්‍රඥාවන්තව සිටියේය. ඔහුගේ කීර්තියද අවට සිටි සියලු ජාතීන් අතරේ පතළවී ගියේය.
ගීතාවලිය 89:1 - Sinhala Revised Old Version ස්වාමීන්ගේ කරුණාවන් ගැන සදාකල් ගීතිකාකරන්නෙමි, මාගේ කටින් ඔබගේ විශ්වාසකම සියලු පරම්පරාවලට දන්වන්නෙමි. Sinhala New Revised Version සමිඳුනි, ඔබේ තිර පෙම ගැන මම සදහට ම ගයන්නෙමි. ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවසන්නෙමි. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්ස, ඔබේ තිර පෙම ගැන මම සදහට ම ගයන්නෙමි. ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවසන්නෙමි. |
මක්නිසාද ඔහු සියලු මනුෂ්‍යයන්ටද එශ්‍රාහිය ඒතාන්ටද මාහොල්ගේ පුත්‍රයන්වූ හේමන්ටද කල්කොල්ටද දර්දාටද වඩා ප්‍රඥාවන්තව සිටියේය. ඔහුගේ කීර්තියද අවට සිටි සියලු ජාතීන් අතරේ පතළවී ගියේය.
සාලමොන්ද හීරාම්ගේ ගෙයි වැසියන්ට ආහාර පිණිස ගෝධුම කෝර විසිදහසක්ද හිඳපු තෙල් කෝර විස්සක්ද ඔහුට දුන්නේය. සාලමොන් අවුරුද්දෙන් අවුරුද්ද මෙසේ හීරාම්ට දුන්නේය.
ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
නුමුත් මම ඔබගේ ශක්තිය ගැන ගී කියන්නෙමි; එසේය, අලුයම්හි ශබ්ද නගා ඔබගේ කරුණාව වර්ණනාකරන්නෙමි. මක්නිසාද ඔබ මාගේ බලකොටුවද මාගේ විපත්ති දවසේදී මට රක්ෂා ස්ථානයක්ද වූසේක.
එහෙත් මාගේ කරුණාව ඔහු කෙරෙන් සහමුලින්ම අහක්කර නොගන්නෙමි, මාගේ විශ්වාසකමත් පිරිහෙන්ට නොදෙන්නෙමි.
සේනාවන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, යාඃ නම්වූ ඔබ හා සමාන බලසම්පන්න කෙනෙක් කවරේද? ඔබගේ විශ්වාසකම ඔබ හාත්පසය.
ස්වාමීන්වහන්ස, ඔබ මාගේ දෙවියන්වහන්සේය; මම ඔබ උසස්කොට ඔබගේ නාමයට ප්‍රශංසා කරන්නෙමි; මක්නිසාද ඔබ පුදුම දේ එනම් පුරාතන මන්ත්‍රණ විශ්වාසයෙන්ද සැබෑකමෙන්ද ඉෂ්ටකළසේක.
පුරාණයේ දවස්වල පටන් ඔබවහන්සේ අපේ පියවරුන්ට දිවුළාවූ සැබෑකම යාකොබ්ටත් කරුණාව ආබ්‍රහම්ටත් ඔබ ඉෂ්ටකරනසේක.
අපේ ගැළවුම්කාරයා වන දෙවියන්වහන්සේගේ ආඥාව ලෙස මට භාරදෙනලද පණිවිඩයෙන් තමන්වහන්සේගේ වචනය ප්‍රකාශකිරීමෙන් නියම කාලවලදී එළිදරව්කළාවූ සදාකාල ජීවනයේ බලාපොරොත්තුව සඳහා,