Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 4:31 - Sinhala Revised Old Version

31 මක්නිසාද ඔහු සියලු මනුෂ්‍යයන්ටද එශ්‍රාහිය ඒතාන්ටද මාහොල්ගේ පුත්‍රයන්වූ හේමන්ටද කල්කොල්ටද දර්දාටද වඩා ප්‍රඥාවන්තව සිටියේය. ඔහුගේ කීර්තියද අවට සිටි සියලු ජාතීන් අතරේ පතළවී ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 මන්ද, ඔහු සියලු මිනිසුන්ට ද එස්රාහීය ජාතික ඒතාන්ට ද මාහොල් නමැත්තාගේ පුත්‍රයන් වන හේමන්ට ද කල්කොල්ට ද දර්දාට ද වඩා ප්‍රඥාවන්ත ව සිටියේ ය. ඔහුගේ කීර්තිය අවට සිටි සියලු ජාතීන් අතරේ පතළ වී ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 මන්ද, ඔහු සියලු මිනිසුන්ට ද එස්රාහීය ජාතික ඒතාන්ට ද මාහොල් නමැත්තාගේ පුත්‍රයන් වන හේමන්ට ද කල්කොල්ට ද දර්දාට ද වඩා ප්‍රඥාවන්ත ව සිටියේ ය. ඔහුගේ කීර්තිය අවට සිටි සියලු ජාතීන් අතරේ පතළ වී ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 4:31
16 හුවමාරු යොමු  

හේමාන්ද ආසාප්ද ඒතාන්ද යන ගායනාකාරයෝ පිත්තල අත්තල්වලින් ශබ්දකිරීමටත්;


සෙරාගේ පුත්‍රයෝ නම්: සිම්රී, ඒතාන්, හේමාන්, කල්කොල් සහ දාරාය. ඒ සියල්ලෝ පස්දෙනෙක්ය.


මම නුඹේ වචනය ලෙස කෙළෙමි. නුඹට සමාන කෙනෙක් නුඹට පළමුවෙන් සිටියේවත් නුඹට පසුව නැගිටින්නේවත් නැති ලෙස ප්‍රඥාවන්ත නුවණැති සිතක් නුඹට දුනිමි.


දකුණු දික්හි බිසව මේ පරම්පරාවේ මනුෂ්‍යයන් සමඟ විනිශ්චයේදී නැගිට ඔවුන් වරදට පත්කරන්නීය. මක්නිසාද ඈ සාලමොන්ගේ ප්‍රඥාව අසන පිණිස පොළොවේ සීමාවල සිට ආවාය. බලව, සාලමොන්ට වඩා උතුම් කෙනෙක් මෙහි සිටියි.


දකුණු දික්හි බිසව මේ පරම්පරාවට විරුද්ධව විනිශ්චයේදී නැගිට එය වරදට පත් කරන්නීය. මක්නිසාද ඈ සාලමොන්ගේ ප්‍රඥාව අසන පිණිස පොළොවේ සීමාවලින් ආවාය; බලව, සාලමොන්ට වඩා උතුම් කෙනෙක් මෙහි සිටියි.


එසේ සිටි අය සහ ඔවුන්ගේ පුත්‍රයෝ මොව්හුය: කොහාත් පුත්‍රයන්ගෙන් ගායනාකාර හේමාන්ය. ඔහු යෝවෙල්ගේ පුත්‍රයාය, ඔහු සාමුවෙල්ගේ පුත්‍රයාය;


ඒ තැනන්වහන්සේ තුළ ප්‍රඥාවෙත් දැනගැන්මෙත් සියලු වස්තු නිධානකර ඇත්තේමය.


උන්වහන්සේගේ කීර්තිය සිරියා රට මුළුල්ලෙහි පතළව ගියාය. නොයෙක් රෝගපීඩාවලින් පීඩිතවූ සියලු රෝගීහුද යක්ෂා වේශවූවෝද මීමස්මර රෝගීහුද අංශභාග රෝගීහුද උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දෝය; උන්වහන්සේ ඔවුන් සුවපත්කළසේක.


මාගේ ගැළවීමේ දෙවිවූ ස්වාමිනි, රෑ දාවල් දෙක්හි ඔබ ඉදිරියේ මොර ගසා සිටියෙමි.


දෙවියන්වහන්සේ සාලමොන්ගේ සිතේ තබා තිබුණු ප්‍රඥාව අසන පිණිස පොළොවේ සියලු රජවරු ඔහු වෙතට ආවාහ.


මෙසේ ලෙවීවරු යෝවෙල්ගේ පුත්‍රවූ හේමාන්ද ඔහුගේ සහෝදරයන්ගෙන් බෙරකියාගේ පුත්‍රවූ ආසාප්ද තමුන්ගේ සහෝදරයන්වූ මෙරාරීගේ පුත්‍රයන්ගෙන් කුෂායාගේ පුත්‍රවූ ඒතාන්ද;


රජුට කථාකොට: මාගේ දේශයේදී ඔබගේ ක්‍රියාද ඔබගේ ප්‍රඥාවද ගැන මා විසින් ඇසූ පවත් සැබෑය.


ෂෙබායේ බිසව ස්වාමීන්වහන්සේගේ නාමයේ හේතුවෙන් සාලමොන්ට තිබෙන කීර්තිය අසා ගූඪ ප්‍රශ්නවලින් ඔහු පරීක්ෂාකරන පිණිස ආවාය.


හීරාම් සාලමොන්ගේ වචනය අසා ඉතා ප්‍රීතිවී: ඒ මහත්වූ සෙනඟ ආණ්ඩුකරන පිණිස ප්‍රඥාවන්ත පුත්‍රයෙකු දාවිත්ට දුන්නාවූ ස්වාමීන්වහන්සේට අද ප්‍රශංසා වේවයි කීවේය.


රජු විසින් ශාස්ත්‍රයත් නුවණත් සම්බන්ධ මොන කාරණයක් ඔවුන්ගෙන් විභාගකළත්, තමාගේ මුළු රාජ්‍යයෙහි සිටි සියලු මන්ත්‍රකාරයන්ටත් අනවිනකාරයන්ටත් වඩා ඔවුන් දස ගුණයක් සමර්ථ බව ඔහුට පෙනී ගියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්