ඔබ මළවුන්ට ආශ්චර්යයන් දක්වනසේක්ද? මළාහු නැගිට ඔබට ප්‍රශංසාකරන්නෝද?
ඔබ වහන්සේ මළවුන් උදෙසා අසිරිමත් දේ කරන සේක් ද? ඔව්හු නැඟිට ඔබ පසසන්නෝ ද?
මළාහුවත් නිශ්ශබ්ද ස්ථානයට යන්නාහුවත් ස්වාමීන්ට ප්‍රශංසා නොකෙරෙති;
මම නොනැසී, ජීවත්ව සිට, ස්වාමීන්ගේ ක්‍රියා ප්‍රකාශකරන්නෙමි.
මාගේ අත් ඔබ දෙසට දිගුකරමි. වියළි බිමක් මෙන් මාගේ ආත්මය ඔබට පිපාසාවේ.
මා වළට බසින කල මාගේ ලෙයින් ඇති ප්‍රයෝජනය කිම්ද? ධූලි ඔබට ප්‍රශංසාකරන්නේද? ඔබගේ සත්‍යතාව ප්‍රකාශකරන්නේද?
මක්නිසාද මරණයේදී ඔබ සිහි කිරීමක් නැත. ෂෙයෝලේදී ඔබට ස්තුතිකරන්නේ කවරෙක්ද?
ස්වාමිනි, දවස මුළුල්ලේම ඔබට හඬා සිටින බැවින් මට කරුණාකළ මැනව.
ඔබගේ මළාහු ජීවත්වන්නෝය; මාගේ මළකඳන් නැගිටිනවා ඇත. ධූලියෙහි වසන්නෙනි, පිබිදී ගී කියන්න. මක්නිසාද ඔබගේ පිනි පලාජාතිවල පිනි මෙන්ය, පොළොව සහ මළවුන් පිට ඔබ ඒවා බසින්ට සලස්වනසේක.