මොව්හු කුම්භකාරයෝව නෙතායිම්හිද ගෙදෙරාහිද විසුවෝය. මොව්හු රජුගේ වැඩ කරන පිණිස එහි ඔහු සමඟ වාසයකළෝය.
ගීතාවලිය 81:6 - Sinhala Revised Old Version ඔහුගේ කර බරෙන් නිදහස් කෙළෙමි. කූඩා ඇදීමෙන් ඔහුගේ අත් මිදුණේය. Sinhala New Revised Version “මම ඔබේ කරෙන් බර ඉවත් කෙළෙමි; ඔබේ අත් දෙක කූඩා ඇදීමෙන් නිදහස් කෙළෙමි. Sinhala New Revised Version 2018 “මම ඔබේ කරෙන් බර ඉවත් කෙළෙමි; ඔබේ අත් දෙක කූඩා ඇදීමෙන් නිදහස් කෙළෙමි. |
මොව්හු කුම්භකාරයෝව නෙතායිම්හිද ගෙදෙරාහිද විසුවෝය. මොව්හු රජුගේ වැඩ කරන පිණිස එහි ඔහු සමඟ වාසයකළෝය.
ඉශ්‍රායෙල් මිසරයෙන්ද යාකොබ්ගේ වංශය අන්‍ය භාෂාවක් ඇති මනුෂ්‍ය ජාතියකින්ද නික්ම ගිය කල
ගෝත්‍රයෝ, ස්වාමීන්ගේ ගෝත්‍රයෝ, ඉශ්‍රායෙල්ට සාක්ෂියක් වශයෙන් ස්වාමීන්ගේ නාමයට ස්තුතිකරන පිණිස එතැනට යෙති.
රිදී පැහැ ඇති කොබෙයියෙකුගේ පියාපත් මෙන්ද උගේ කහපාට රත්රන් අත්තටු මෙන්ද වූ නුඹලා බැටළු ගාල්වල සයනය කරන්නහුද?
ඔවුන් යෙදූ තද වැඩ වූ බදාම සහ ගඩොල් වැඩද කෙතෙහි සියලු ආකාර වැඩද ඔවුන් ලවා කෙරෙවු සියලු තදබල වැඩද කරණකොටගෙන ඔව්හු ඔවුන්ගේ ජීවිතය ඔවුන්ට තික්ත කළෝය.
එබැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: මම යෙහෝවඃවහන්සේය, මිසරවරුන් තබන බරවලින් මම නුඹලා පිටතට ගෙනෙන්නෙමි, ඔවුන්ගේ වහල්කමෙන් නුඹලා නිදහස්කරන්නෙමි, දිගුකළ බාහුවකින්ද මහත් විනිශ්චයවලින් ද නුඹලා මුදන්නෙමි.
තවද ඒ දවසේදී ඔහුගේ බර නුඹේ කරෙන්ද ඔහුගේ වියගහ නුඹේ බෙල්ලෙන්ද පහවන්නේය, නුඹේ තරකම නිසා වියගහද කැඩෙන්නේයයි කියනසේක.
මක්නිසාද ඔහුගේ බරවූ වියගහද ඔහුගේ කරේ දණ්ඩද ඔහුගේ පීඩාකාරයාගේ යෂ්ටියද මිදියන්හි දවසේදී මෙන් ඔබවහන්සේ කඩාදැමූසේක.
මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය.