ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 78:38 - Sinhala Revised Old Version

නුමුත් අනුකම්පාවෙන් යුක්තවූ උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම කමා කළසේක, ඔවුන් විනාශ නොකළ සේක. එසේය, උන්වහන්සේ නොයෙක්විට තමන්ගේ කෝපය ඉවත හරවා, තමන්ගේ මුළු උදහස ඇවිස්සෙන්ට නුදුන්සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත්, දයානුකම්පාවෙන් එතුමාණෝ ඔවුන්ගේ පාප කමා කළ සේක; ඔවුන් නොවැනසූ සේක; විටින් විට තම කෝපය සංසිඳුවාගෙන තම උදහස ඇවිලෙන්නට ඉඩ නුදුන් සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත්, දයානුකම්පාවෙන් එතුමාණෝ ඔවුන්ගේ පාප කමා කළ සේක; ඔවුන් නොවැනසූ සේක; විටින් විට තම කෝපය සංසිඳුවාගෙන තම උදහස ඇවිලෙන්නට ඉඩ නුදුන් සේක.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 78:38
17 හුවමාරු යොමු  

දේවදූතයා යෙරුසලම විනාශකරන්ට තමාගේ අත ඒ දෙසට දිගුකළ විට ස්වාමීන්වහන්සේ විපත ගැන තැවී සෙනඟ විනාශකරන දූතයාට කථාකොට: ඉතින් ඇත, නුඹේ අත නවතාගන්නැයි කීසේක. ස්වාමීන්වහන්සේගේ දූතයා යෙබූසිය අරව්නාගේ පාවර ළඟ සිටියේය.


නුමුත් ස්වාමීන්වහන්සේ ආබ්‍රහම්ද ඊසාක්ද යාකොබ්ද සමඟ කළ තමන්ගේ ගිවිසුම නිසා ඔවුන්ට කරුණාකොට, ඔවුන් කෙරෙහි අනුකම්පාකොට, ඔවුන් සැලකූසේක. උන්වහන්සේ ඔවුන් නැතිකරන්ට අකැමැතිව, ඒ වන තුරු ඔවුන් තමන් ඉදිරියෙන් අහක නොදමා සිටිසේක.


ඔහු තමාගේ පියවූ මනස්සේ කළ ලෙස ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට,


අපේ දෙවිවූ ස්වාමිනි; ඔබ ඔවුන්ට උත්තරදුන්සේක. ඔබ ඔවුන්ගේ ක්‍රියාවලට පළිගත් නුමුත්, ඔවුන්ට කමාව දුන් දෙවිකෙනෙක් වූසේක.


මාගේ නාමය නිසා මාගේ කෝපය ප්‍රමාදකරන්නෙමි, නුඹ සිඳ නොදමන පිණිස මාගේ ප්‍රශංසාව උදෙසා නුඹ ගැන එය නවත්වන්නෙමි.


එසේවී නුමුත් ඔවුන් විනාශකර කාන්තාරයේදී ඔවුන් තීන්දුවටම නැතිකර නොදමන ලෙස මාගේ ඇස ඔවුන්ට දයාවුණේය.


මාගේ බලවත් උදහස ඉෂ්ට නොකරන්නෙමි, එප්‍රායිම් නැවත විනාශ නොකරන්නෙමි. මක්නිසාද මම මනුෂ්‍යයෙක් නොව දෙවියන්වහන්සේය; නුඹලා අතරෙහි සිටින ශුද්ධ තැනන්වහන්සේය.


ස්වාමීන්වහන්සේ ඒ ගැන තැවුණුසේක. ඒක නොවන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ස්වාමීන්වහන්සේ මේ ගැන තැවුණුසේක. මේකත් නොවන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.