ගීතාවලිය 77:5 - Sinhala Revised Old Version මම පුරාණයේ දවස්ද පූර්ව කාලවල අවුරුදුද කල්පනාකෙළෙමි. Sinhala New Revised Version යටගිය දවස් ගැන මම කල්පනා කරන්නෙමි; ගෙවී ගිය අවුරුදු සිහිපත් කරන්නෙමි. Sinhala New Revised Version 2018 යටගිය දවස් ගැන මම කල්පනා කරන්නෙමි; ගෙවී ගිය අවුරුදු සිහිපත් කරන්නෙමි. |
දෙවියන්වහන්ස, පුරාණ කාලය වන, අපේ පියවරුන්ගේ දවස්වලදී, ඔබ කළ ක්‍රියා අපේ කනින් ඇසීමුව, අපේ පියවරු අපට කීවෝය.
එම්බා ස්වාමීන්වහන්සේගේ හස්තය, පිබිදෙන්න, පිබිදෙන්න, බලය පැළඳගන්න; ප්‍රථම පරම්පරා වන පුරාණ දවස්වලදී මෙන් පිබිදෙන්න. රාහබ් කෑලිකොට කැපුවෙත් දීර්ඝයා ඇනදැමුවෙත් නුඹ නොවේද?
පුරාණ දවස් සිහිකරව්, පරම්පරාවෙන් පරම්පරාවට පසුවුණ වර්ෂ කල්පනාකරව්. නුඹේ පියාගෙන් අසව, ඔහු නුඹට පෙන්වන්නේය; නුඹේ වැඩිමහල්ලන්ගෙන් අසව, ඔව්හු නුඹට කියන්නෝය.