තවද යූදාහි මනුෂ්‍යයෝ ඇවිත් එහිදී දාවිත් යූදා වංශය කෙරෙහි රජ කොට ආලේපකළෝය. සාවුල් තැන්පත්කෙළේ යාබෙෂ්-ගිලියද්හි මනුෂ්‍යයන් විසින්යයි දාවිත්ට දන්වනලද්දේය.
ගීතාවලිය 75:2 - Sinhala Revised Old Version නියම කාලය ලැබූ කල මම අවංකලෙස විනිශ්චයකරන්නෙමි. Sinhala New Revised Version දෙවි තුමාණෝ මෙසේ වදාරන සේක: “විනිශ්චය කරන කාලය මා නියමකර ඇත. එවිට මම යුක්තිසහගත ව විනිශ්චය කරන්නෙමි. Sinhala New Revised Version 2018 දෙවි තුමාණෝ මෙසේ වදාරන සේක: “විනිශ්චය කරන කාලය මා නියමකර ඇත. එවිට මම යුක්තිසහගත ව විනිශ්චය කරන්නෙමි. |
තවද යූදාහි මනුෂ්‍යයෝ ඇවිත් එහිදී දාවිත් යූදා වංශය කෙරෙහි රජ කොට ආලේපකළෝය. සාවුල් තැන්පත්කෙළේ යාබෙෂ්-ගිලියද්හි මනුෂ්‍යයන් විසින්යයි දාවිත්ට දන්වනලද්දේය.
මෙසේ ඉශ්‍රායෙල්හි සියලු වැඩිමහල්ලෝ හෙබ්‍රොන්හි සිටි රජ්ජුරුවන් වෙතට පැමිණියෝය; දාවිත් රජද හෙබ්‍රොන්හිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේය. ඔව්හු දාවිත් ඉශ්‍රායෙල් කෙරෙහි රජ කොට ආලේපකළෝය.
දාවිත් මුළු ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කරමින් තමාගේ මුළු සෙනඟට විනිශ්චය හා යුක්තිය ඉෂ්ටකෙළේය.
නුවණැතිව නිර්දෝෂ මාර්ගයක හැසිරෙන්නෙමි. ඔබ කවදා මා වෙත එනසේක්ද? මම නිදොස් සිතකින් මාගේ ගෙයි හැසිරෙන්නෙමි.
ඔබ නැගිට සියොන්ට කරුණාකරනසේක. ඊට අනුකම්පාකළ යුතු කාලය දැන්ය, එසේය, නියම කාලය පැමිණ තිබේ.
එවිට මම: දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨයාත් දුෂ්ටයාත් විනිශ්චයකරනවා ඇත; මක්නිසාද සියලු කාරණාවලටත් සියලු වැඩවලටත් කාලයක් පැමිණේයයි මාගේ සිතින් සිතාගත්තෙමි.
ස්වාමීන්වහන්ස, ඔබ මාගේ දෙවියන්වහන්සේය; මම ඔබ උසස්කොට ඔබගේ නාමයට ප්‍රශංසා කරන්නෙමි; මක්නිසාද ඔබ පුදුම දේ එනම් පුරාතන මන්ත්‍රණ විශ්වාසයෙන්ද සැබෑකමෙන්ද ඉෂ්ටකළසේක.
එබැවින් යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: මාගේ කාලය තවම පැමුණුණේ නැත; නුඹලාගේ කාලය නිතර සූදානම්ව තිබේ.
උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: පියාණන්වහන්සේ තමන්ගේම බලය යටතේ තබාගත් කාලයන්ද ප්‍රස්තාවන්ද දැනගැනීම නුඹලාට අයිති නැත.
මක්නිසාද තමන්වහන්සේ විසින් පත්කළ මනුෂ්‍යයා ලවා ලෝකයා ධර්මිෂ්ඨකමින් විනිශ්චයකරවන්ට එක් දවසක් නියමකර තිබේ; උන්වහන්සේ ඒ මනුෂ්‍යයා මළවුන්ගෙන් නැගිටවීමෙන් සියල්ලන්ට ඒ ගැන සහතිකයක් දී තිබේයයි කීවේය.