මා විසින් ඉශ්‍රායෙල්ට දී තිබෙන දේශය මතුපිටින් ඔවුන් සිඳදමන්නෙමි; මාගේ නාමයට මා විසින් විශුද්ධකළ මේ ගෘහයත් මාගේ ඇස් හමුයෙන් පහකරදමන්නෙමි; ඉශ්‍රායෙල්ද සියලු ජනයන් අතරෙහි උපමාවක්ද පරිහාසයක්ද වන්නේය.
ගීතාවලිය 69:11 - Sinhala Revised Old Version ගෝණි මාගේ ඇඳුම් කොට ගත් කල මම ඔවුන්ට නින්දා වාක්‍යයක් වීමි. Sinhala New Revised Version ගෝණි රෙද්දෙන් මාගේ වස්ත්‍ර මම සාදාගතිමි. එවිට මම ඔවුන්ගේ සමච්චලයට ලක් වුණෙමි. Sinhala New Revised Version 2018 ගෝණි රෙද්දෙන් මාගේ වස්ත්‍ර මම සාදාගතිමි. එවිට මම ඔවුන්ගේ සමච්චලයට ලක් වුණෙමි. |
මා විසින් ඉශ්‍රායෙල්ට දී තිබෙන දේශය මතුපිටින් ඔවුන් සිඳදමන්නෙමි; මාගේ නාමයට මා විසින් විශුද්ධකළ මේ ගෘහයත් මාගේ ඇස් හමුයෙන් පහකරදමන්නෙමි; ඉශ්‍රායෙල්ද සියලු ජනයන් අතරෙහි උපමාවක්ද පරිහාසයක්ද වන්නේය.
ස්වාමීන්වහන්සේ ආමොස්ගේ පුත්‍රවූ යෙසායා ලවා කථාකරමින්: නුඹ ගොස් නුඹේ ඉඟටියෙන් ගෝණි රෙද්ද මුදා නුඹේ පාදවලින් වහන් ගළවන්නැයි කීසේක. ඔහු එසේ කොට වස්ත්‍රද වහන්ද නැතුව ඇවිද්දේය.
ඒ දවසෙහි සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ ඇඬීමටත් වැලපීමටත් හිස මුඩුකරගන සිටීමටත් ගෝණිරෙදි ඇඳගැනීමටත් අඬගැසූසේක.
එසේය, මා විසින් ඔවුන් පන්නාදමන සියලු ස්ථානවලදී නින්දාවක්ද උපමාවක්ද අපහාස කීමක් සහ ශාපයක්ද වීමටත් ඔවුන් පීඩා විදීමට පොළොවේ සියලු රාජ්‍යවල ඔබ මොබ විසුරුවනු ලැබීමටත් පාවාදෙන්නෙමි.
පූජකයෙනි, ගෝණිරෙදි ඔතාගන විලාප කියන්න; පූජාසනයේ සේවකයෙනි, කෑමොරගසන්න; මාගේ දෙවියන්වහන්සේගේ සේවකයෙනි, ඇවිත් ගෝණිරෙදි පෙරවාගන මුළු රාත්‍රියෙහි වැතිර ඉඳින්න. මක්නිසාද ආහාර පූජාවද පාන පූජාවද නුඹලාගේ දෙවියන්වහන්සේගේ ගෘහයට නොපැමිණෙන්නේය.
ස්වාමීන්වහන්සේ නුඹ පමුණුවන්නාවූ සියලු ජනයන් අතුරෙහි නුඹ මවිතයට හේතුවක්ද උපමාවක්ද නින්දා කීමක්ද වන්නෙහිය.