Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 22:12 - Sinhala Revised Old Version

12 ඒ දවසෙහි සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ ඇඬීමටත් වැලපීමටත් හිස මුඩුකරගන සිටීමටත් ගෝණිරෙදි ඇඳගැනීමටත් අඬගැසූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ඒ නිසා සව් බලැති දෙවි සමිඳාණෝ හැඬීමටත්, වැලපීමටත්, ගෝණි රෙදි ඇඳීමටත්, හිස බූගෑමටත් නුඹලා කැඳෙවු සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ඒ නිසා සව් බලැති දෙවි සමිඳාණෝ හැඬීමටත්, වැලපීමටත්, ගෝණි රෙදි ඇඳීමටත්, හිස බූගෑමටත් නුඹලා කැඳෙවු සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 22:12
31 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේගේ සේවකවූ පූජකයෝ ද්වාරමණ්ඩපය සහ පූජාසනය අතරෙහි සිට අඬමින්: ස්වාමීන්වහන්ස, ඔබගේ සෙනඟට කරුණාකළ මැනව, ඔවුන් කෙරෙහි ජාතීන් විසින් ආණ්ඩුකරන හැටියට ඔබගේ උරුමය නින්දාවට පාවා නුදුන මැනව. ඔවුන්ගේ දෙවියන්වහන්සේ කොතනදැයි ජනයන් අතරේ මක්නිසා කියනු ලබන්නේදැයි කියත්වා.


පූජකයෙනි, ගෝණිරෙදි ඔතාගන විලාප කියන්න; පූජාසනයේ සේවකයෙනි, කෑමොරගසන්න; මාගේ දෙවියන්වහන්සේගේ සේවකයෙනි, ඇවිත් ගෝණිරෙදි පෙරවාගන මුළු රාත්‍රියෙහි වැතිර ඉඳින්න. මක්නිසාද ආහාර පූජාවද පාන පූජාවද නුඹලාගේ දෙවියන්වහන්සේගේ ගෘහයට නොපැමිණෙන්නේය.


නුඹේ හිස බූගා, නුඹේ ප්‍රිය දරුවන් නිසා හිස මුඩුකොට, නුඹේ මුඩුකම රාජාලියා මෙන් පළල්කරගනින්න; මක්නිසාද ඔව්හු නුඹ වෙතින් වහල්කමට ගියෝය.


මෙන්න, ධනවතුනි, නුඹලා කෙරේ පැමිණෙන්ට තිබෙන නුඹලාගේ කාලකණ්ණිකම් නිසා මොරගසා හඬන්න.


නුඹලාගේ මංගල්‍යවල් වැලපීමටත් නුඹලාගේ සියලු ගීතිකා විලාපයටත් හරවා, සියලුම ඉඟටිවලට ගෝණි රෙදිද සියලුම හිස්වලට මුඩුකමද පමුණුවා, ඒක එකම පුත්‍රයෙකු නිසා වැලපීම මෙන්ද එහි අන්තිමය තික්තවූ දවසක් මෙන්ද කරන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


ඒ ආරංචිය නිනිවයේ රජු වෙතට පැමුණුණු විට, හෙතෙම තමාගේ සිංහාසනයෙන් බැස, තමාගේ සළුව අහක තබා, ගෝණිරෙදි පෙරවාගෙන, අලු පිට හිඳගත්තේය.


අඬන පිණිස ඔහු ගෘහයටත් දීබොන්හි උස් තැන්වලටත් ගියේය. මෝවබ් වනාහි නෙබෝ සහ මේදෙබා ගැන කෑමොරගසයි. ඔවුන් සියල්ලන්ගේ ඉස් මුඩුකර තිබේ, සෑම රැවුල් කපා තිබේ.


උන්වහන්සේ සියලු දේම ඒ ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ. උන්වහන්සේ ලෝකයද ඔවුන්ගේ සිත්වල තබා තිබේ, එහෙත් පටන්ගැන්මේ සිට කෙළවර දක්වා දෙවියන්වහන්සේ කළ කාරණා මනුෂ්‍යයාට දැනගන්ට බැරිය.


අඬන්ට කාලයක් සහ සිනාසෙන්ට කාලයක්ය; විලාපකියන්ට කාලයක් සහ නටන්ට කාලයක්ය;


එවිට යෝබ් නැගිට, තමාගේ සළුව ඉරාගෙන, ඉස මුඩුකරගෙන, බිම වැටී වැඳ:


තවද මිසරයේදී අපේ පියවරුන්ගේ පීඩාව ඔබ දුටුසේක, රතු මුහුද ළඟදී ඔවුන්ගේ මොරගැසීමද ඔබ ඇසූසේක;


මම මේ කාරණාව අසා, මාගේ වස්ත්‍රයත් සළුවත් ඉරාගෙන, මාගේ හිසකේද රැවුලද උදුරා, ත්‍රස්තවී හිඳගතිමි.


යෙරෙමියා වනාහි යොෂියා ගැන විලාප ගීතිකාවක් කෙළේය. ගී කියන සියලු මිනිස්සුද ගීකියන සියලු ස්ත්‍රිහුද අද දක්වා තමුන්ගේ විලාප ගීතිකාවලින් යොෂියා ගැන කථාකරති; ඔව්හු ඒවා ඉශ්‍රායෙල් අතරෙහි නියෝගයක් කොට දුන්නෝය. ඒවා විලාප ගීතිකාවල ලියා තිබේ.


එවිට සුගන්ධ ද්‍රව්‍ය වෙනුවට කුණුද බඳපටිය වෙනුවට ලනුවක්ද හොඳට ගෙතූ වරලස වෙනුවට මුඩුකමද චෝලිය ලිය වෙනුවට ගෝණි බැඳගැනීමද හොබනාකම වෙනුවට හන්වඩුද ඇතිවන්නේය.


දුෂ්ටයාට කරුණාව ලැබෙන නුමුත් ඔහු ධර්මිෂ්ඨකම ඉගෙනගන්නේ නැත; යුක්තිය ඇති දේශයෙහිත් ඔහු අපරාධ ක්‍රියාකරනවා ඇත, ඔහු ස්වාමීන්වහන්සේගේ මහන්තත්ත්වයද නොදක්නේය.


දාවිත් අන්දායම් බැන්ද නුවරවන අරියෙල්, අරියෙල්, නුඹට දුක් වේ! අවුරුද්දට අවුරුද්ද එකතුකරන්න; නියම මංගල්‍ය පැමිණේවා.


නොසැලකිලි ස්ත්‍රීවරුනි, වෙවුලන්න; අප්‍රවේසම් තැනැත්තියෙනි, චංචලවෙන්න; වස්ත්‍ර ගළවා දමා, නිර්වස්ත්‍රවී, ඉඟටිවල ගෝණිරෙදි බැඳගන්න.


අප නිරාහාරයෙන් සිටිය නුමුත් ඔබ නොබැලුවෙත් අපේ ප්‍රාණවලට පීඩාකරගත් නුමුත් ඔබ නොසලකා සිටින්නෙත් මක්නිසාදැයි කියති. බලව, නුඹලාගේ උපවාස දවසේදී නුඹලා සැප ගනිති, නුඹලාගේ සියලුම වැඩද කරවාගනිති.


ඉන්නිසා ගෝණි රෙදි බැඳගෙන, විලාප කියමින් කෑමොරගසන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ බලවත් උදහස අපෙන් පහව නොගියේය.


යෙරුසලම, නුඹේ හිසකේ කපා අහක දමා, මුඩු කඳු උඩ විලාපයක් පවත්වන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ව උදහස් කළ පරම්පරාව එපාකර අත්හැරියසේක.


මේ දේශයෙහි ලොකු කුඩා අය මැරෙනවා ඇත. ඔව්හු වළලනු නොලබන්නෝය, කිසිවෙක් ඔවුන් ගැන විලාප නොකියන්නේය, ශරීරය කපා නොගන්නේය, ඔවුන් ගැන හිස මුඩුකර නොගන්නේය.


නුඹ ඔවුන් සමඟ හිඳගෙන කනබොන පිණිස මංගල්‍ය ගෙදරට ඇතුල් නොවන්න.


ඔව්හු නුඹ නිසා හිස් මුඩුකර, ගෝණි රෙදි ඇඳගෙන, ආත්මයේ ශෝකයෙන් තද විලාපයක් ඇතුව නුඹ ගැන අඬන්නෝය.


බේල්ෂශර් රජ තමාගේ උත්තමයන් දහසකට මහත් මංගල්‍යයක් පිළියෙළකොට, ඒ දහස ඉදිරියෙහි මුද්‍රිකපානය බීවේය.


එම්බා ඉශ්‍රායෙල්, ජාතීන් මෙන් අධිකලෙස ප්‍රීති නොවන්න; මක්නිසාද නුඹේ දෙවියන්වහන්සේගෙන් නුඹ වේශ්‍යාලෙස අහක්වුණෙහිය, නුඹ සියලු කමත්වල පණයම් ලබන්ට ආශාවූයෙහිය.


තරුණ වයසේ පුරුෂයා නිසා ගෝණි රෙදි ඇඳසිටින කන්‍යාවක් මෙන් වැලපෙන්න.


තවද හෙසකියා රජ ඒ අසා, තමාගේ ඇඳුම් ඉරාගෙන, ගෝණි රෙදි පෙරවාගෙන, ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්වී,


ගෝණි රෙදි හැඳගත් රජගෙදර ප්‍රධානියාවූ එලියාකීම්ද ලේකම් වන ෂෙබ්නාද පූජකයන්ගේ වැඩිමහල්ලන්ද ආමොස්ගේ පුත්‍රවූ යෙසායා අනාගතවක්තෘ ළඟට හැරියේය.


එහෙත් දැන්වත් නුඹලාගේ මුළු සිතින්ද නිරාහාරව සිටීමෙන්ද ඇඬීමෙන්ද වැලපීමෙන්ද මා වෙතට හැරී එන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්