ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 68:12 - Sinhala Revised Old Version

සේනාවන්ගේ රජවරු පලායති, ඔව්හු පලායති. ගෙදර සිටින තැනැත්තීද කොල්ලය බෙදාගන්නීය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

රජවරු ද ඔවුන්ගේ සේනාවෝ ද පලා යන්නෝ ය;

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

රජවරු ද ඔවුන්ගේ සේනාවෝ ද පලා යන්නෝ ය;

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 68:12
12 හුවමාරු යොමු  

උන්වහන්සේ ඔවුන්ගේ චක්‍රරෝද ගැළෙවූසේක, ඔව්හු ඒවා අමාරුවෙන් දැක්කුවෝය. එබැවින් මිසරවරු කථාකොට: අපි ඉශ්‍රායෙල් කෙරෙන් පලායමු; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් උදෙසා මිසරවරුන්ට විරුද්ධව සටන්කරනසේකැයි කීවෝය.


ඒ කොල්ලය සටනට ගිය යුද්ධ දක්ෂයන් සහ මුළු සභාව අතරේ දෙකොටසකට බෙදන්න.


මෝසෙස් සහ පූජකවූ එලෙයාසර් සහස්‍රාධිපතීන්ගේද ශතාධිපතීන්ගේද රන් පිළිගෙන ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා සිහිකරවීමක් පිණිස සම්මුඛවීමේ කූඩාරමට ගෙනාවෝය.


ඒ රජවරුන් පස්දෙනා පලාගොස් මක්කේදාහි ගුහාවේ සැඟවුණාහ.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා සටන් කළ බැවින් යෝෂුවා ඒ සියලු රජුන්ද ඔවුන්ගේ දේශයද එකවිටම අල්ලා ගත්තේය.


පොළොවේ රජවරුද උත්තමයෝද සේනාපතියෝද ධනවන්තයෝද බලවන්තයෝද සියලු දාසයෝද නිර්දාසයෝද කඳුවල ගුහාවලත් පර්වතවලත් සැඟවුණෝය;


රජවරු ඇවිත් යුද්ධකළාහුය; එවිට තයනාක්හිදී මෙගිද්දෝ ජලය ළඟ කානාන් රජවරු යුද්ධකළෝය. මුදලෙන් ඔවුන්ට කොල්ලයක් නොලැබුණේය.


ඔව්හු කොල්ලය බෙදාගෙන, එකිනෙකාට තරුණියක් එසේය, තරුණියන් දෙන්නෙක්ද සිසෙරාට නානා වර්ණ වස්ත්‍රයක් එසේය, නානා වර්ණ ගෙත්තම් වස්ත්‍රයක්, කොල්ලය ගත් අයගේ කරවල් පිට දෙපැත්තේම නානා වර්ණ ගෙත්තම් කළ වස්ත්‍රයක් නොලැබූදැයි කීවෝය.


මේ කාරණය ගැන නුඹලාට ඇහුම්කන්දෙන්නේ කවුද? යුද්ධයට යන අයගේ කොටස යම්සේද බඩු ළඟ නවතින අයගේ කොටසත් එසේම වන්නේය. ඔවුන් විසින් එක සමානව බෙදාගත යුතුයයි කීවේය.