Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 10:42 - Sinhala Revised Old Version

42 ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා සටන් කළ බැවින් යෝෂුවා ඒ සියලු රජුන්ද ඔවුන්ගේ දේශයද එකවිටම අල්ලා ගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

42 ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් උදෙසා සටන් කළ බැවින්, ජෝෂුවා ඒ සියලු රජවරුන් ද ඔවුන්ගේ දේශයන් ද එක විට ම අල්ලාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

42 ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් උදෙසා සටන් කළ බැවින්, ජෝෂුවා ඒ සියලු රජවරුන් ද ඔවුන්ගේ දේශයන් ද එක විට ම අල්ලාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 10:42
14 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයෙකුගේ හඬ ඇසූ එබඳු දවසක් ඊට ප්‍රථමවත් පසුවවත් නොවීය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා සටන්කළසේක.


සේනාවල ස්වාමීන්වහන්සේ අප සමඟය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බලකොටුවය.


දෙවියන්වහන්ස, අප නැවත හැරෙවුව මැනව; ඔබගේ මුහුණ බැබළෙවුව මැනව, එවිට අපි ගැළවෙන්නෙමුව.


නුඹ මා ඉදිරියේ අනර්ඝව ගරුකටයුතුවූ බැවින්ද, මා නුඹට ප්‍රේමකළ බැවින්ද, නුඹ වෙනුවට මිනිසුන්ද නුඹේ ජීවිතය වෙනුවට ජනයන්ද දෙන්නෙමි.


ස්වාමීන්වහන්සේ මාගේ පක්ෂයෙහිය; භය නොවන්නෙමි. මනුෂ්‍යයා මට කුමක් කළ හැක්කේද?


සේනාවල ස්වාමීන්වහන්සේ අප සමඟය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බලකොටුවය.


දෙවියන්වහන්සේ අපේ සරණ හා ශක්තියය, දුකේදී ඉතා ළංවූ පිහිටක්ය.


මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාගේ සතුරන්ට විරුද්ධව නුඹලා වෙනුවට සටන්කොට නුඹලා ගළවන පිණිස නුඹලා සමඟ යනසේකැයි ඔවුන්ට කියාවා.


උන්වහන්සේ ඔවුන්ගේ චක්‍රරෝද ගැළෙවූසේක, ඔව්හු ඒවා අමාරුවෙන් දැක්කුවෝය. එබැවින් මිසරවරු කථාකොට: අපි ඉශ්‍රායෙල් කෙරෙන් පලායමු; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් උදෙසා මිසරවරුන්ට විරුද්ධව සටන්කරනසේකැයි කීවෝය.


ස්වාමීන්වහන්සේ නුඹලා උදෙසා සටන්කරනසේක, නුඹලා නිශ්ශබ්දව සිටිය යුතුයයි සෙනඟට කීවේය.


ඉක්බිති යෝෂුවාද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල්වරුද ගිල්ගාල්හි කඳවුරට හැරී ආවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්