දිනක් සවස් වේලාවේ දාවිත් තමාගේ යහනෙන් නැගිට රජගෙදර පියස්ස උඩ සක්මන්කෙළේය. එවිට ඔහු ස්ත්‍රියෙක් නානවා පියස්සේ සිට දුටීය. ඒ ස්ත්‍රී පෙනීමෙන් ඉතා ශෝභමාන වූවාය.
ගීතාවලිය 51:1 - Sinhala Revised Old Version දෙවියන්වහන්ස, ඔබගේ කරුණා ගුණය ලෙස මට දයාවුව මැනව. ඔබගේ අධික දයාබරකම ලෙස මාගේ අපරාධ මැකුව මැනව. Sinhala New Revised Version දෙවිඳුනි, ඔබේ දයා කරුණාවෙන් මට අනුකම්පා කළ මැනව; ඔබේ විපුල දයාවෙන් මාගේ අපරාධ මකාදැමුව මැනව. Sinhala New Revised Version 2018 දෙවිඳුනි, ඔබේ දයා කරුණාවෙන් මට අනුකම්පා කළ මැනව; ඔබේ විපුල දයාවෙන් මාගේ අපරාධ මකාදැමුව මැනව. |
දිනක් සවස් වේලාවේ දාවිත් තමාගේ යහනෙන් නැගිට රජගෙදර පියස්ස උඩ සක්මන්කෙළේය. එවිට ඔහු ස්ත්‍රියෙක් නානවා පියස්සේ සිට දුටීය. ඒ ස්ත්‍රී පෙනීමෙන් ඉතා ශෝභමාන වූවාය.
ඔවුන්ගේ අපරාධය නොවැසුවමැනව, ඔවුන්ගේ පාපයද ඔබ ඉදිරියෙන් නොමැකේවා. මක්නිසාද ගොඩනගන්නන් ඉදිරිපිටදී ඔව්හු ඔබ උදහස්කළෝය.
අපේ පියවරු මිසරයේදී ඔබගේ ආශ්චර්යයන් තේරුම් නොගත්තෝය; ඔබගේ කරුණා රාශිය සිහි නොකළෝය; මුහුද, එනම් රතු මුහුද ළඟදී කැරළිගැසුවෝය.
නුමුත් ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ නාමය නිසා මා සමඟ ක්‍රියා කළ මැනව. ඔබගේ කරුණාව යහපත් බැවින් මා මුදාගත මැනව.
ස්වාමීන්වහන්සේ සියල්ලන්ට යහපත්ය; උන්වහන්සේගේ දයාබරකම් උන්වහන්සේගේ සියලු කර්මාන්ත කෙරෙහිය.
මාගේ ධර්මිෂ්ඨකමේ දෙවියන්වහන්ස, මා හඬගසන කල මට උත්තර දුන මැනව; විපත්තියේදී ඔබ මා මිදූසේක. මට කරුණකොට මාගේ යාච්ඤාව ඇසුව මැනව.
ස්වාමිනි, ඔබගේ දයාව මාගෙන් නොවැලැක්වුව මැනව. ඔබගේ කරුණාගුණයත් සැබෑකමත් නිතර මා ආරක්ෂාකෙරේවා.
මම වනාහි ඔබගේ අධික කරුණා ගුණය පෙරදැරිකොට ඔබගේ ගෘහයට ඇතුල්වන්නෙමි. ඔබ කෙරෙහි භයින් යුක්තව ඔබගේ ශුද්ධවූ මන්දිරය දෙසට නමස්කාර කරන්නෙමි.
එහෙත් ස්වාමිනි, මම වනාහි පිළිගන්නා කාලයකදී මාගේ යාච්ඤාව ඔබට පුදමි. දෙවියන්වහන්ස, ඔබගේ අධික දයාවෙන්, ඔබගේ ගැළවීමේ සැබෑකමින් මට උත්තරදුන මැනව.
ස්වාමිනි, මට උත්තරදුන මැනව; මක්නිසාද ඔබගේ කරුණාගුණය යහපත්ය. ඔබගේ දයාබරකම් රාශිය ලෙස මා දෙසට හැරුණ මැනව.
මම නුඹේ අපරාධ වලාපටළයක් මෙන්ද නුඹේ පාප වලාකුළක් මෙන්ද මකාදැමුවෙමි. මා වෙතට හැරී එන්න; මක්නිසාද මම නුඹ මිදුවෙමි.
ස්වර්ගයේ සිට ඇස් යොමා, ඔබගේ ශුද්ධකම සහ තේජසේ නිවාසයේ සිට බැලුව මැනව. ඔබගේ ජ්වලිතකම සහ බලවත් ක්‍රියා කොයිද? මා කෙරෙහි වූ ඔබගේ දයාවද අනුකම්පාද නැවතී තිබේ.
මම ස්වාමීන්වහන්සේගේ කරුණාවල්ද, ස්වාමීන්වහන්සේ අපට ගෙන දුන් සියල්ල ලෙස ස්වාමීන්වහන්සේගේ ප්‍රශංසාවල්ද, උන්වහන්සේගේ අනුකම්පාවල හැටියටත් උන්වහන්සේගේ කරුණා රාශියේ හැටියටත් ඉශ්‍රායෙල් වංශයට පැවැත්වූ මහත් යහපත්කමද සඳහන්කරන්නෙමි.
නුමුත්, ස්වාමීන්වහන්ස, මා මරන්ට මට විරුද්ධව ඔවුන් යොදන සියලු කුමන්ත්‍රණ ඔබම දන්නාසේක; ඔවුන්ගේ අයුතුකම කමා නොකළ මැනව, ඔවුන්ගේ පාපයද ඔබගේ ඇස් හමුයෙන් නොමැකුව මැනව. ඔබ ඉදිරියෙහි ඔව්හු පැකිල වැටෙත්වා; ඔබගේ උදහස් කාලයේදී ඔවුන්ට ප්‍රතිඵල දුන මැනව.
මාගේ දෙවියන්වහන්ස, ඔබගේ කන් නමා ඇසුව මැනව; ඔබගේ ඇස් හැර අපේ අසරණකමද ඔබගේ නාමය දරන නුවරද බැලුව මැනව. මක්නිසාද අපේ කන්නලව් අප විසින් ඔබ ඉදිරියෙහි ඔප්පුකරන්නේ අපේ ධර්මිෂ්ඨකම් නිසා නොව ඔබගේ මහත් අනුකම්පාවල් නිසාය.
අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙත අනුකම්පාවත් කමාවත් තිබේ; මක්නිසාද අපි උන්වහන්සේට විරුද්ධව කැරළිගැසීමුව.
අපට විරුද්ධව, අපට එදිරිව තිබුණාවූ නියෝගවල ලියවිල්ල මකාදමා, ඒක කුරුසියෙහි ඇණගසා අහක්කළසේක.