ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 39:3 - Sinhala Revised Old Version

මාගේ සිත මා තුළ උණුවිය; මා මෙනෙහිකරද්දීම ගින්න ඇවුළුණේය. එවිට මාගේ දිවෙන් කථාකෙළෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මාගේ සිත කාංසාවෙන් දෙදරා ගියේ ය; සිතන්න සිතන්න, වැඩි වැඩියෙන් මම කැළඹුණෙමි. තවත් නිහඬ ව සිටීමට බැරි විට, මෙසේ ප්‍රශ්න නොකිරීමට මට බැරි විය:

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මාගේ සිත කාංසාවෙන් දෙදරා ගියේ ය; සිතන්න සිතන්න, වැඩි වැඩියෙන් මම කැළඹුණෙමි. තවත් නිහඬ ව සිටීමට බැරි විට, මෙසේ ප්‍රශ්න නොකිරීමට මට බැරි විය:

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 39:3
3 හුවමාරු යොමු  

උන්වහන්සේ සඳහන් නොකරන්නෙමියි කියාද උන්වහන්සේගේ නාමයෙන් තවත් කථා නොකරන්නෙමියි කියාද කියම් නම්, එය මාගේ ඇට තුළේ වැසී ඇවිළෙන ගින්නක් මෙන් මාගේ සිත තුළ තිබේ, දරන්ට මා වෙහෙසෙන නුමුත් මට බැරිය.


මෙලෙස ආත්මය මා ඔසවා, මා ගෙනගියේය. මමද මාගේ ආත්මයෙහි උදහසිනුත් තද දුකිනුත් යුක්තව ගියෙමි, ස්වාමීන්වහන්සේගේ අතද මා කෙරෙහි බලවත්ව තිබුණේය.


එකල ඔව්හු: උන්වහන්සේ අප සමඟ මගදී කථාකළ කල්හිත් ලියවිලි අපට තෝරාදුන් කල්හිත් අපේ සිත් දෑවා නොවේදැයි එකිනෙකා කථා කරගත්තෝය.