ඔබ මාගේ පාද දඬුකඳේ දමා, මාගේ සියලුම මාවත් රැකසිටිනසේක; ඔබ මාගේ පතුල්වලට මායිම් තබනසේක.
ගීතාවලිය 39:11 - Sinhala Revised Old Version ඔබ අයුතුකම නිසා තරවටුකිරීම්වලින් මනුෂ්‍යයාට දඬුවම්කරන කල කාවෙකු මෙන් ඔහුගේ අලංකාරය ක්ෂයකරවනසේක. සැබවින් කොයි මනුෂ්‍යයාත් නිෂ්ඵලකමය. Sinhala New Revised Version ඔබේ තරවටුවෙන් ඔබ මිනිස් පවට දඬුවම් දෙන සේක; කාවෙකු කා දමන සේ ඔබ ඔහු රිසි දෙය වනසා ලන සේක. මිනිසා නම්, සුළං රොදක් පමණ ය. Sinhala New Revised Version 2018 ඔබේ තරවටුවෙන් ඔබ මිනිස් පවට දඬුවම් දෙන සේක; කාවෙකු කා දමන සේ ඔබ ඔහු රිසි දෙය වනසා ලන සේක. මිනිසා නම්, සුළං රොදක් පමණ ය. |
ඔබ මාගේ පාද දඬුකඳේ දමා, මාගේ සියලුම මාවත් රැකසිටිනසේක; ඔබ මාගේ පතුල්වලට මායිම් තබනසේක.
ධූලියෙහි අත්තිවාරම ඇති, මැටි ගෙවල වාසයකරන්නන්ට ඊට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද! කාවෙකු මෙන් ඔව්හු පොඩිකරනු ලබති.
බලව, ස්වාමිවූ දෙවියන්වහන්සේ මට උපකාරකරනසේක; මා වරදට පත්කරන්නේ කවුද? බලව, ඔවුන් සියල්ලෝම වස්ත්‍රයක් මෙන් පරණවන්නෝය; කාවා ඔවුන් කාදමන්නේය.
ආත්මය ස්වාමිවූ යේසුස්වහන්සේගේ දවසේදී ගැළවෙන පිණිස මාංසය නාස්තිවීම පිණිස මෙබඳු තැනැත්තා සාතන්ට භාරදීමටය.
මක්නිසාද ස්වාමීන්වහන්සේ ප්‍රේමකරන අයට උන්වහන්සේ දඬුවම් කරනසේක, උන්වහන්සේ පිළිගන්න සියලු පුත්‍රයන්ට තළනසේක යනුයි.
නුමුත් ඔහු තමාගේම අපරාධය ගැන තරවටුකරනු ලැබුවේය. ගොළු කොටළුවෙක් මනුෂ්‍ය හඬින් කථාකොට අනාගතවක්තෘගේ උමතුව වැලැක්වූයේය.
මම ප්‍රේමකරන සියල්ලන්ට තරවටුකොට දඬුවම්කරමි. එබැවින් නුඹ ජ්වලිතව සිට පශ්චාත්තාපවෙන්න.