ගීතාවලිය 37:17 - Sinhala Revised Old Version මක්නිසාද දුෂ්ටයන්ගේ බාහු බිඳිනු ලබන්නේය. නුමුත් ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයන්ට පිහිටවනසේක. Sinhala New Revised Version දුදනන්ගේ බාහු බලය බිඳ දමනු ඇත. එහෙත් හිමි තුමන් සුදනන් හට පිහිට වනු ඇත. Sinhala New Revised Version 2018 දුදනන්ගේ බාහු බලය බිඳ දමනු ඇත. එහෙත් හිමිතුමාණන් සුදනන් හට පිහිට වනු ඇත. |
ඔහු වැටෙන නුමුත් සහමුලින්ම හෙළනු නොලබන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්වකීය හස්තයෙන් ඔහුට ආධාරකරන සේක.
භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම නුඹේ දෙවියන්වහන්සේය. මම නුඹ ශක්තිමත්කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් නුඹ උසුලන්නෙමි.
මා විසින් උසුලන මාගේ මෙහෙකරුවා මොහුය; මාගේ සිතට ප්‍රියවූ මාගේ තෝරාගත් තැනැත්තා මොහුය. මාගේ ආත්මය ඔහු කෙරෙහි තැබීමි; ඔහු ජාතීන්ට විනිශ්චය ගෙන එන්නේය.
ඉතින් නුඹලා නොපැකිලෙන ලෙස ආරක්ෂාකරන්ටත් මහත් ප්‍රීතියෙන් යුක්තව උන්වහන්සේගේ තේජස ඉදිරියෙහි කැලැල් රහිතව තබන්ටත් සමර්ථවූ,
බලව, නුඹේ වංශයේ මහලු මිනිහෙක් නොසිටින ලෙස නුඹේ බාහුවද නුඹේ පියාගේ වංශයේ බාහුවද මා විසින් සිඳදමන කාලයක් පැමිණෙන්නේය.