උන්වහන්සේ තමන්ගේ පටිය ලිහා මට පීඩාකළ බැවින්, ඔව්හු මා ඉදිරියෙහි කටකලියාව අහක දැමුවෝය.
ගීතාවලිය 32:9 - Sinhala Revised Old Version තේරුම් නැති අශ්වයෙක් හෝ අශ්වතරයෙක් මෙන් නොවව්. උන් දමනයකරන පිණිස කටකලියාව සහ පටිය දැමිය යුතුය, නැතහොත් උන් ඔබට ළං නොවෙති. Sinhala New Revised Version අශ්වයෙකු හෝ කොටළුවෙකු හෝ මෙන් මෝඩ නොවන්න; උන් දමනය කිරීමට කටකලියාව හා පටිය අවශ්‍ය ය. නැතහොත් නුඹට උන් පාලනය කළ නොහැකි ය.” Sinhala New Revised Version 2018 අශ්වයෙකු හෝ කොටළුවෙකු හෝ මෙන් මෝඩ නොවන්න; උන් දමනය කිරීමට කටකලියාව හා පටිය අවශ්‍ය ය. නැතහොත් නුඹට උන් පාලනය කළ නොහැකි ය.” |
උන්වහන්සේ තමන්ගේ පටිය ලිහා මට පීඩාකළ බැවින්, ඔව්හු මා ඉදිරියෙහි කටකලියාව අහක දැමුවෝය.
රාත්‍රියේදී ගීතිකා දෙන්නාවූ මාගේ මැවුම්කාර දෙවියන්වහන්සේ කොතැනදැයි කිසිවෙක් නොඅසන්නේය.
ඔබ මට දඬුවම්කළසේක, මමද වියගහට පුරුදු නැති නාම්බෙකු මෙන් දඬුවම් ලැබුවෙමි. මා හැරෙන පිණිස මා හැරවුව මැනව; මක්නිසාද ඔබම මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
මක්නිසාද මාගේ සෙනඟ අඥානය, ඔව්හු මා නොහඳුනති; ඔව්හු මෝඩ දරුවෝය, ඔවුන්ට කිසි තේරුමක් නැත. ඔව්හු නපුර කිරීමට ප්‍රඥාවන්තය, නුමුත් යහපත කරන්ට නොදනිති.
අශ්වයන් අපට කීකරුකරගන්න පිණිස උන්ගේ කටවල කටකලියා දැමුවාම අපි උන්ගේ මුළු ශරීරයත් හරවාගනිමුව.