ගීතාවලිය 27:14 - Sinhala Revised Old Version ස්වාමීන් කෙරෙහි බලාසිටුව. ශක්තිමත් වෙව, ඔබ්ගේ සිත ධෛර්යමත් වේවා; එසේය, ස්වාමීන් කෙරෙහි බලාසිටින්න. Sinhala New Revised Version සමිඳුන් කෙරේ බලා සිටින්න; ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්න; සමිඳුන් කෙරේ බලා සිටින්න. Sinhala New Revised Version 2018 සමිඳුන් කෙරේ බලා සිටින්න; ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්න; සමිඳුන් කෙරේ බලා සිටින්න. |
මම ස්වාමීන් කෙරෙහි බලාසිටිමි, මාගේ ආත්මය බලාසිටින්නේය. උන්වහන්සේගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවෙමි.
එසේය, ඔබ කෙරෙහි බලා සිටින කවරෙක්වත් ලජ්ජා නොවන්නේය. නිෂ්කාරණයේ ද්‍රෝහිකම්කරන්නෝ ලජ්ජාවන්නෝය.
ස්වාමීන් කෙරෙහි බලාසිටිමින් උන්වහන්සේගේ මාර්ගය රක්ෂාකරව, දේශය ඔබට උරුමවන පිණිස උන්වහන්සේ ඔබ උසස්කරනසේක. දුෂ්ටයන් සිඳිනු ලබන කල ඔබ එය දකින්නෙහිය.
ස්වාමීන් කෙරෙහි රඳා, ඉවසිල්ලෙන් උන්වහන්සේ බලා සිටුව. තමාගේ මාර්ගයෙහි දියුණුවන්නාද නපුරු ප්‍රයෝග ඉෂ්ටකරගන්නාද නිසා කල නොකිරෙව.
මාගේ ආත්මය දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් බලා සිටියි. මාගේ ගැළවීම පැමිණෙන්නේ උන්වහන්සේගෙන්ය.
මාගේ ආත්මය, දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් බලා සිටුව; මක්නිසාද මාගේ බලාපොරොත්තුව උන්වහන්සේ කෙරෙන්ය.
නපුරට ප්‍රතිඵල දෙමියි නොකියා ස්වාමීන්වහන්සේ කෙරෙහි බලාසිටින්න, උන්වහන්සේ නුඹ ගළවනසේක.
ඒ දවසෙහි මෙසේ කියනු ලබන්නේය: බලව, මේ අපේ දෙවියන්වහන්සේය, අපි උන්වහන්සේ ගැන බලාසිටියෙමුව, උන්වහන්සේ අප ගළවනසේක. මේ තැනන්වහන්සේ ස්වාමීන්වහන්සේය; අපි උන්වහන්සේ ගැන බලාසිටියෙමුව, අපි උන්වහන්සේගේ ගැළවීම ගැන ප්‍රීතිසන්තෝෂවන්නෙමුව.
එසේය, ස්වාමීන්වහන්ස, ඔබගේ විනිශ්චයවල මාර්ගයෙහි අපි ඔබ ගැන බලාසිටියෙමු; අපේ ආත්මයේ ආශාව ඔබගේ නාමය හා ඔබගේ සංඥා නාමය කෙරෙහිය.
එබැවින් ස්වාමීන්වහන්සේ නුඹලාට කරුණාකරන්ට බලා සිටිනසේක. නුඹලාට අනුකම්පාකරන්ට නැගිටිනසේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ විනිශ්චයේ දෙවිකෙනෙක්ය; උන්වහන්සේ ගැන බලාසිටින සියල්ලෝම වාසනාවන්තයෝය.
නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.
මම වනාහි යාකොබ්ගේ වංශයෙන් තමන්ගේ මුහුණ සඟවාගන්න ස්වාමීන්වහන්සේ ගැන බලාසිට, උන්වහන්සේ ගැන බලාපොරොත්තුවන්නෙමි.
මක්නිසාද දර්ශනය නියම කාලය දක්වා තව ප්‍රමාදවේ, එහෙත් එය බොරු නොවී ඉක්මනින් තීන්දුවට පැමිණෙන්නේය. එය ප්‍රමාදවෙතත් ඒ ගැන බලාසිටින්න; මක්නිසාද එය පසු නොබැස පැමිණෙවාම ඇත.
බලව, යෙරුසලමෙහි සිමියොන් නම් මනුෂ්‍යයෙක් සිටියේය; මේ මනුෂ්‍යයා ඉශ්‍රායෙල්ගේ සැනසීම බලා සිටියාවූ ධර්මිෂ්ඨවූ භක්තිවන්තවූ කෙනෙක්ය. ශුද්ධාත්මයාණන්වහන්සේ ඔහු කෙරෙහිවූසේක.
ඈද ඒ පැයෙහිම ඇවිත් දෙවියන්වහන්සේට ස්තුතිකොට, යෙරුසලමේ මිදීම ගැන බලාසිටි සියලුදෙනාට උන්වහන්සේ ගැන කථාකළාය.
සහෝදරයෝ අප ගැන අසා, එතැනින් අපියුස්ගේ වෙළඳාම්පළද තානායම් තුනද දක්වා අප පෙරමගට ආවෝය. පාවුල් ඔවුන් දැක, දෙවියන්වහන්සේට ස්තුතිකොට, ධෛර්ය ලැබුවේය.
උන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුළ නුඹලා බලයෙන් ශක්තිමත් වන පිණිසත්,
ප්‍රීතිය ඇතුව සියලු ආකාර ස්ථිරකමටත් ඉවසිලිවන්තකමටත් උන්වහන්සේගේ තේජසේ පරාක්‍රමයේ හැටියට සියලු ආකාර බලයෙන් ශක්තිමත් වෙමින්ද,