ස්වාමිනි, දුෂ්ටයාගේ ආශාව ඉෂ්ට නොකළ මැනව; ඔහුගේ නපුරු උපා දියුණු නොකළ මැනව; කළහොත් ඔව්හු උඩඟු වන්නෝය.
ගීතාවලිය 27:12 - Sinhala Revised Old Version මාගේ එදිරිකාරයන්ගේ කැමැත්තට මා භාර නුදුන මැනව. මක්නිසාද බොරු සාක්ෂිකාරයෝද කෲරකමින් තර්ජනකරන්නෝද මට විරුද්ධව නැගිට සිටිති. Sinhala New Revised Version මාගේ එදිරිකරුවන්ගේ අභිප්‍රායවලට මා පාවා නුදුන මැනව. බොරු සාක්ෂිකාරයෝ ද කෲර ලෙස තර්ජන කරන්නෝ ද මට විරුද්ධ ව නැඟී සිටිති. Sinhala New Revised Version 2018 මාගේ එදිරිකරුවන්ගේ අභිප්‍රායවලට මා පාවා නුදුන මැනව. බොරු සාක්ෂිකාරයෝ ද කෲර ලෙස තර්ජන කරන්නෝ ද මට විරුද්ධ ව නැඟී සිටිති. |
ස්වාමිනි, දුෂ්ටයාගේ ආශාව ඉෂ්ට නොකළ මැනව; ඔහුගේ නපුරු උපා දියුණු නොකළ මැනව; කළහොත් ඔව්හු උඩඟු වන්නෝය.
මක්නිසාද: ඔව්හු මා කෙරෙහි ප්‍රීති නොවෙත්වායි මම කීයෙමි. මාගේ පය ලිස්සන විට ඔව්හු මට විරුද්ධව තමුන්ම උසස්කරගනිති.
ස්වාමීන්වහන්සේ ඔහු රක්ෂාකරනසේක, ඔහුගේ දිවි රක්නාසේක, ඔහු පොළොවෙහි ආශීර්වාදලද්දෙක් වන්නේය; ඔහුගේ සතුරන්ගේ කැමැත්තට ඔහු භාර නුදුන මැනව.
තවද සියලු සිනගෝගවලදී නොයෙක්විට ඔවුන්ට දඬුවම්කරමින්, ඔවුන් ලවා අපහාසකරවන්ට උත්සාහකෙළෙමි; මම ඔවුන් ගැන අතිශයෙන් උමතුව සිට, අන් නුවරවල් දක්වාත් ඔවුන්ට පීඩාකෙළෙමි.
නුමුත් සාවුල් තව දුරටත් ස්වාමීන්වහන්සේගේ ගෝලයන්ට විරුද්ධව තර්ජනයකරමින්ද, ඔවුන් මරමියි කියමින්ද, උත්තම පූජකයා වෙතට ගොස්,
එබැවින් දැන් මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ තමාගේ මෙහෙකරුවාගේ වචන අසත්වා. ඉදින් ඔබව මට විරුද්ධව පෙළෙඹෙවුවේ ස්වාමීන්වහන්සේ නම්, උන්වහන්සේ පූජාවක් පිළිගන්නාසේක්වා. නුමුත් මනුෂ්‍ය පුත්‍රයෝ නම්, ඔව්හු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශාප ලත්තෝවෙත්වා; මක්නිසාද: නුඹ ගොස් අන් දෙවිවරුන්ට සේවයකරන්න කියා, මා දැන් ස්වාමීන්වහන්සේගේ උරුමයට බැඳී නොසිටින හැටියට ඔව්හු මා පන්නා දැමුවෝය.