ගීතාවලිය 15:3 - Sinhala Revised Old Version ඔහු තමාගේ දිවෙන් කේලාම් නොකියයි, තමාගේ මිත්‍රයාට නපුර නොකරයි, තමාගේ අසල්වාසියාට විරුද්ධව නින්දා බසක් පතළ නොකරයි. Sinhala New Revised Version ගතු කේළාම් නොකියන, මිතුරාට නපුර නොකරන, අසල්වැසියාට එරෙහි ව කට කතා නොපතුරන තැනැත්තාට ය. Sinhala New Revised Version 2018 ගතු කේළාම් නොකියන, මිතුරාට නපුර නොකරන, අසල්වැසියාට එරෙහි ව කට කතා නොපතුරන තැනැත්තාට ය. |
මෙය කරන මනුෂ්‍යයාද මෙය අල්ලාගන සිටිමින්, සබත් දවස කඩනොකර එය පවත්වන්නාවූ, කිසි නපුරක් නොකරන ලෙස තමාගේ අත වලක්වාගන්නාවූ මනුෂ්‍ය පුත්‍රයාද වාසනාවන්තය.
නුඹේ සෙනඟ අතරෙහි කේලාම් කියමින් ඔබමොබ නොයන්න. නුඹේ අසල්වාසියාගේ ප්‍රාණයට විරුද්ධව නොනැගිටින්න. මම ස්වාමීන්වහන්සේය.
එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරන්න. ව්‍යවස්ථාවත් අනාගත වාක්‍යයත් මේය.
කේලාම් කියන්නෝව, දෙවියන්වහන්සේට පිළිකුල්වූවෝව, නින්දාකරන්නෝව, උඩඟුවූවෝව, පාරට්ටුකරගන්නෝව, නපුරු දේවල් උපදවන්නෝව, මවුපියන්ට අකීකරුවෝව,
ප්‍රේමය අසල්වාසියාට නපුරක් කරන්නේ නැත. එබැවින් ප්‍රේමය නම් ව්‍යවස්ථාව සම්පූර්ණ කිරීමය.
කිසිවෙකු ගැන අගුණ නොකියන්ටද, ඩබරකාරයන් නොවී ඉවසිලිවන්තව සිට, සියලු මනුෂ්‍යයන් ගැන සියලු ආකාර මොළොක්ගුණය පෙන්වන්ටද ඔවුන්ට සිහිකරවන්න.
සහෝදරයෙනි, එකිනෙකාට විරුද්ධව කථා නොකරන්න. සහෝදරයෙකුට විරුද්ධව කථාකරන්නා නොහොත් තමාගේ සහෝදරයා විනිශ්චයකරන්නා ව්‍යවස්ථාවට විරුද්ධව කථාකරන්නේය, ව්‍යවස්ථාව විනිශ්චයකරන්නේය. ඉඳින් නුඹ ව්‍යවස්ථාව විනිශ්චයකරන්නෙහි නම්, නුඹ ව්‍යවස්ථාව පවත්වන්නෙක් නොව විනිශ්චයකාරයෙක්ය.
ප්‍රේමවන්තය, නපුර නොව යහපත ආදර්ශකොට ගන්න. යහපත්කම් කරන්නා දෙවියන්වහන්සේගෙන්ය. නපුර කරන්නා දෙවියන්වහන්සේ දුටුවේ නැත.
තවද මාගේ පියාණෙනි, බැලුව මැනවි, ඔබගේ සළුවේ කොන මාගේ අතේ තිබෙන බව බැලුව මැනවි. මා ඔබ නොමරා ඔබගේ සළුවේ කොන කපාගත් බව බලා, මා අත නපුරක්වත් අපරාධයක්වත් නැති බවද මා ඔබට විරුද්ධව පව් නොකළ බවද බලා දැනගතමැනවි, එහෙත් මාගේ ප්‍රාණය නසන්ට ඔබ මා පස්සේ එළවාගන එන්නෙහිය.