ගීතාවලිය 145:14 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ වැටෙන සියල්ලන්ට ආධාරසේක, නැමී සිටින සියල්ලන් කෙළින් සිටුවනසේක. Sinhala New Revised Version වැටෙන දුබලුන් හට සමිඳාණෝ ආධාර කරන සේක. නැමී සිටින සියල්ලන් කෙළින් සිටුවන සේක. Sinhala New Revised Version 2018 වැටෙන දුබලුන් හට සමිඳාණෝ ආධාර කරන සේක. නැමී සිටින සියල්ලන් කෙළින් සිටුවන සේක. |
ස්වාමීන්වහන්සේ අන්ධයන්ගේ ඇස් පහදනසේක; ස්වාමීන්වහන්සේ නැමී ගියවුන් කෙළින් සිටුවනසේක; ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයන්ට ප්‍රේමකරනසේක;
ඔහු වැටෙන නුමුත් සහමුලින්ම හෙළනු නොලබන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්වකීය හස්තයෙන් ඔහුට ආධාරකරන සේක.
එම්බා මාගේ ආත්මය, මක්නිසා මලානිකව ඉන්නෙහිද? මක්නිසා මා තුළ කැලඹෙන්නෙහිද? දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙව. මක්නිසාද මාගේ මුහුණේ සැපදායකවූ, මාගේ දෙවිවූ උන්වහන්සේට තවම ස්තුති ප්‍රශංසා කරන්නෙමි.