පව් නොකරන මනුෂ්‍යයෙක් නැත. එබැවින් ඔවුන් ඔබට විරුද්ධව පව්කරන්ටත් ඔබ ඔවුන් කෙරෙහි උදහස්වී ඔවුන්ගේ සතුරන්ට ඔවුන් පාවාදෙන්ටත් ඔවුන් වාලටගන්න අය විසින් දුර හෝ ළඟ හෝ තිබෙන සතුරන්ගේ දේශයට ඔවුන් ගෙනයන්ටත් යෙදුණොත්,
ගීතාවලිය 143:2 - Sinhala Revised Old Version ඔබගේ මෙහෙකරුවා විනිශ්චයකිරීමට නොපැමුණුණ මැනව; මක්නිසාද ජීවත්වන කිසිවෙක් ඔබ ඉදිරියෙහි නිදොස් නොවන්නේය. Sinhala New Revised Version ඔබේ දාසයා විනිශ්චයට ගෙන නොගිය මැනව. ඔබ අබිමුව නිදොස් කෙනෙක් මෙදියත නැත. Sinhala New Revised Version 2018 ඔබේ දාසයා විනිශ්චයට ගෙන නොගිය මැනව. ඔබ අබිමුව නිදොස් කෙනෙක් මෙදියත නැත. |
පව් නොකරන මනුෂ්‍යයෙක් නැත. එබැවින් ඔවුන් ඔබට විරුද්ධව පව්කරන්ටත් ඔබ ඔවුන් කෙරෙහි උදහස්වී ඔවුන්ගේ සතුරන්ට ඔවුන් පාවාදෙන්ටත් ඔවුන් වාලටගන්න අය විසින් දුර හෝ ළඟ හෝ තිබෙන සතුරන්ගේ දේශයට ඔවුන් ගෙනයන්ටත් යෙදුණොත්,
මනුෂ්‍යයා පිරිසිදුව පෙනෙන්ටත් ස්ත්‍රියගෙන් උපන් තැනැත්තා ධර්මිෂ්ඨව පෙනෙන්ටත් ඔහු කවරෙක්ද?
එසේනම් මනුෂ්‍යයා දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨවන්නේ කොහොමද? නොහොත් ස්ත්‍රියෙකුගෙන් උපන් තැනැත්තා පවිත්‍රවන්නේ කොහොමද?
මනුෂ්‍යයා දෙවියන්වහන්සේට වඩා ධර්මිෂ්ඨද? මනුෂ්‍යයෙක් තමාගේ මැවුම් කාරයාණන්ට වඩා පිරිසිදුද?
උන්වහන්සේ දහස් ගණනකට කරුණාව පවත්වනසේක, අයුතුකමත් අපරාධයත් පාපයත් ක්ෂමාකරනසේක. වරදකරුවන් කවර ප්‍රකාරයකින්වත් නිදහස් නොකරනසේක; තුන්වෙනි සතරවෙනි පරම්පරාව දක්වා දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන ප්‍රතිඵල දෙනසේකැයි ප්‍රකාශකළසේක.
කුමක්හෙයින්ද ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කිසිම මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨකරනු නොලබන්නේය. මක්නිසාද ව්‍යවස්ථාව කරණකොටගෙන පාපය දැනගැනීම වේ.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන මිස ව්‍යවස්ථාවේ ක්‍රියා කරණකොටගෙන මනුෂ්‍යයෙක් ධර්මිෂ්ඨකරනු නොලබන බව දැන, ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් නොව ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලබන පිණිස, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගතිමුව. මක්නිසාද ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කවර මනුෂ්‍යයෙක්වත් ධර්මිෂ්ඨකරනු නොලබයි.