ගීතාවලිය 139:8 - Sinhala Revised Old Version මම ස්වර්ගයට නැගුණෙම් නුමුත් ඔබ එහිය. ෂෙයෝලෙහි මාගේ යහන පිළියෙළ කෙරෙම් නුමුත් ඔබ එහිය. Sinhala New Revised Version මා ස්වර්ගයට නැඟුණත්, ඔබ එහි ය. පාතාලයට බැස සැතපුණත්, ඔබ එහි ය. Sinhala New Revised Version 2018 මා ස්වර්ගයට නැඟුණත්, ඔබ එහි ය. පාතාලයට බැස සැතපුණත්, ඔබ එහි ය. |
ෂෙයෝලද අබද්දොනද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබේ; ඊට කොපමණ වැඩියෙන් මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් එසේ නොතිබේද!
මට නොපෙනෙනලෙස යමෙකුට රහස් තැන්වල සැඟවෙන්ට පුළුවන්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. ස්වර්ගය සහ පෘථිවිය මාගෙන් පිරී තිබෙනවා නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
නුඹ රාජාලියාමෙන් නුඹේ කූඩුව ඉහළින් සාදා තාරකා අතරෙහි තැබුවත්, එතනින් නුඹ පහළට හෙළන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
මාගේ පීඩාව නිසා ස්වාමීන්වහන්සේට හඬගැසීමි, උන්වහන්සේද මට උත්තරදුන් සේක; පාතාල ගැබේ සිට කෑගැසීමි, ඔබ මාගේ හඬ ඇසූසේක.