ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 136:6 - Sinhala Revised Old Version

ජල මතුයෙහි පොළොව අතුළාවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජල මතුයෙහි පොළොව මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජල මතුයෙහි පොළොව මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 136:6
11 හුවමාරු යොමු  

දෙවියන්වහන්සේ: අහසට යටින් තිබෙන ජලය එක් තැනකට රැස් වේවා, වියළි බිම පෙනේවයි කීසේක. ඒ එසේ විය.


උන්වහන්සේ ගුවන්තලය මතුයෙහි උතුරු ප්‍රදේශය දිගහරිනසේක, පොළොවද අවකාශයෙහි එල්ලා තබනසේක.


වාත්තු කැඩපතක් මෙන් සවි ඇති අහස උන්වහන්සේ වාගේ අතුරන්ට නුඹට පුළුවන්ද?


මක්නිසාද උන්වහන්සේ එය මුහුදු පිට පිහිටෙවුසේක, ගංගා පිට ස්ථිරකළසේක.


පෘථිවිචක්‍රය මතුයෙහි වැඩ ඉන්නේ උන්වහන්සේය, එහි වැසියෝ පළඟැටියන් වැනිය; අහස ඇතිරිල්ලක් මෙන් දිගහැර, වාසයකිරීමට කූඩාරමක් මෙන් එය අතුරා තබන්නෙත්,


ආකාශ මණ්ඩලය මවා ඒවා දිග ඇරියාවූද, පොළොව සහ එහි සෑදෙන දේ ඇතුරුවාවූද, එහි සෙනඟට හුස්මත් එහි හැසිරෙන්නන්ට ආත්මයත් දෙන්නාවූද දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක.


නුඹේ මිදුම්කාරයාවූ, කුසේ පටන් නුඹ සෑදුවාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ස්වාමිවූ මම සියල්ලම කරන්නාවූ තැනන්වහන්සේය; මම වනාහි තනියම ආකාශ මණ්ඩලය දිග හරින්නාවූ, අන් කිසිවෙකු නැතුව පොළොව අතුරන්නාවූ තැනන්වහන්සේය.


උන්වහන්සේ තමන්ගේ බලයෙන් පොළොව සෑදූසේක, තමන්ගේ ප්‍රඥාවෙන් ලෝකය පිහිටුවා, තමන්ගේ ඥානයෙන් අහස දිගඇරියසේක.


ඉශ්‍රායෙල් ගැන තිබෙන ස්වාමීන්වහන්සේගේ වචනයේ දිව්‍ය ප්‍රකාශනයය. අහස දිගහරින්නාවූ, පොළොවේ අත්තිවාරම තබන්නාවූ, මනුෂ්‍යයා තුළ ඔහුගේ ආත්මය උපදවන්නාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: