ගීතාවලිය 135:2 - Sinhala Revised Old Version ස්වාමීන්ගේ ගෘහයෙහි, අපේ දෙවියන්වහන්සේගේ ගෘහ මළුවල සිටින්නෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්. Sinhala New Revised Version සමිඳුන්ගේ මාලිගාවෙහි, අපේ දෙවිඳුන්ගේ මාලිගාවෙහි මණ්ඩපවල සිටින්නෙනි, එතුමන්ට ප්‍රශංසා කරන්න. Sinhala New Revised Version 2018 සමිඳුන්ගේ මාලිගාවෙහි, අපේ දෙවිඳුන්ගේ මාලිගාවෙහි මණ්ඩපවල සිටින්නෙනි, එතුමාණන්ට ප්‍රශංසා කරන්න. |
සෙනඟගේ පුත්‍රයන් වන නුඹලාගේ සහෝදරයන් උදෙසා පියවංශවල බෙදීම්වල හැටියටද ලෙවීවරුන් උදෙසා පියවංශයකින් කොටසක් ඇතුවද ශුද්ධස්ථානයෙහි සිට,
පසුව යේෂුවාද කද්මීයෙල්ද බානීද හෂබ්නෙයාද ෂේරෙබියාද හෝදියාද ෂෙබනියාද පෙතහියාද යන ලෙවීවරු කථාකොට: නුඹලා නැගිට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසාකරන්න. එසේය, සියලු ප්‍රශංසාවලටත් වර්ණනාවලටත් වඩා උසස්ව තිබෙන ඔබගේ තේජවත් නාමයට ප්‍රශංසාවේවා.
ස්වාමීන්ගේ ගෘහ මළුවලදීත් එම්බා යෙරුසලම, නුඹ මැදදීත් එසේ කරන්නෙමි. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.
රාත්‍රිභාගයේ ස්වාමීන්ගේ ගෘහයෙහි සිටින්නාවූ ස්වාමීන්ගේ සියලු මෙහෙකරුවෙනි, ස්වාමීන්ට ප්‍රශංසාකරව්.
අවුරුදු අසූහතරක්ම ඈ වැන්දඹුවක්ව සිටියාය; ඈ දේවමාළිගාවෙන් අහක්ව නොගොස්, රෑ දාවල් දෙක්හි නිරාහාරයෙන් ඉඳ යාච්ඤාකරමින් නමස්කාරකළාය.