බලව, ස්වාමීන් කෙරෙහි භයවන තැනැත්තේ මෙසේ ආශීර්වාද ලබන්නේය.
සමිඳුන් කෙරෙහි ගරුබිය දක්වන්නා මෙසේ ආසිරි ලබන්නේ ය.
ස්වාමීන් කෙරෙහි භය ඇති ලොකු කුඩා සියල්ලන්ට උන්වහන්සේ ආශීර්වාදකරනසේක.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට නුඹ කන්දෙන්නෙහි නම් මේ සියලු ආශීර්වාද නුඹ කරා පැමිණ නුඹ සමඟ වන්නේය.