ගීතාවලිය 119:86 - Sinhala Revised Old Version ඔබගේ ආඥා සියල්ල විශ්වාස කටයුතුය. ඔව්හු අයුතුලෙස මට පීඩාකෙරෙති; මට පිහිටවුව මැනව. Sinhala New Revised Version ඔබේ ආඥා සියල්ල විශ්වාස කටයුතු ය. මිනිස්සු අයුතු ලෙස මට පීඩා කරති. මට පිහිට වුව මැනව. Sinhala New Revised Version 2018 ඔබේ ආඥා සියල්ල විශ්වාස කටයුතු ය. මිනිස්සු අයුතු ලෙස මට පීඩා කරති. මට පිහිට වුව මැනව. |
එබැවින් සියලු දේ ගැන ඔබගේ නියෝග සියල්ල හරියයි සලකමි; සියලු වංක මාර්ග නුරුස්සා හරිමි.
උඩඟු අය අයුතුලෙස මා හෙළාදැමූ බැවින් ඔව්හු ලජ්ජාවෙත්වා. නුමුත් මම ඔබගේ නියෝග භාවනා කරන්නෙමි.
ස්වාමීන් කෙරෙහි භය පිරිසිදුය, සදාකල් පවතින්නේය. ස්වාමීන්ගේ විනිශ්චයෝ සැබෑය, සම්පූර්ණයෙන්ම ධර්මිෂ්ඨය.
මට සතුරුව සිටින්නෝ අයුත්තේ මා ගැන ප්‍රීතිමත් නොවෙත්වා. නිෂ්කාරණයේ මට වෛරවන්නෝ ඇස ඉඟි නොකෙරෙත්වා.
මක්නිසාද ඔව්හු නිෂ්කාරණයේ මට ඔවුන්ගේ දැල වළක සඟවා තැබූය, නිෂ්කාරණයේ මාගේ ප්‍රාණයට වළක් හෑරුවෝය.
නුමුත් මම දුප්පත්මි, දිළින්දෙමි; දෙවියන්වහන්ස, මා වෙතට ඉක්මනින් අවමැනව. මාගේ පිහිටත් මිදුම්කාරයාණොත් ඔබය. ස්වාමිනි, පමා නූන මැනව.
යහපතට නපුර කිරීම යුතුද? මක්නිසාද ඔව්හු මාගේ ප්‍රාණයට වළක් හෑරුවෝය. ඔවුන් කෙරෙන් ඔබගේ කෝපය පහකරන පිණිස ඔවුන් වෙනුවට යහපත කථාකරන්ට මා ඔබ ඉදිරියෙහි සිටිය බව සිහිකළ මැනව.