Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 18:20 - Sinhala Revised Old Version

20 යහපතට නපුර කිරීම යුතුද? මක්නිසාද ඔව්හු මාගේ ප්‍රාණයට වළක් හෑරුවෝය. ඔවුන් කෙරෙන් ඔබගේ කෝපය පහකරන පිණිස ඔවුන් වෙනුවට යහපත කථාකරන්ට මා ඔබ ඉදිරියෙහි සිටිය බව සිහිකළ මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 යහපතට පල විපාකය අයහපත ද? මාගේ සතුරන් මා නසන්නට බොරු වළක් හාරා ඇත. ඔවුන් වෙනුවෙන් ඔබේ කෝපය පහකරන පිණිස ඔවුන්ගේ යහපත උදෙසා කතා කරන්නට මා ඔබ ඉදිරියෙහි සිටි බව සිහි කළ මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 යහපතට පල විපාකය අයහපත ද? මාගේ සතුරන් මා නසන්නට බොරු වළක් හාරා ඇත. ඔවුන් වෙනුවෙන් ඔබේ කෝපය පහකරන පිණිස ඔවුන්ගේ යහපත උදෙසා කතා කරන්නට මා ඔබ ඉදිරියෙහි සිටි බව සිහි කළ මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 18:20
31 හුවමාරු යොමු  

ඔව්හු මාගේ පාදවලට දැලක් එළූය; මාගේ ආත්මය අවනතව තිබේ. ඔව්හු මා ඉදිරියේ වළක් හෑරුවෝය; තුමූම ඒ මැදට වැටුණෝය.


මක්නිසාද ඔව්හු නිෂ්කාරණයේ මට ඔවුන්ගේ දැල වළක සඟවා තැබූය, නිෂ්කාරණයේ මාගේ ප්‍රාණයට වළක් හෑරුවෝය.


එබැවින් උන්වහන්සේ: ඔවුන් විනාශකරන්නෙමියි කීසේක. උන්වහන්සේ ඔවුන් විනාශ නොකරන ලෙස උන්වහන්සේගේ උදහස පහකරන පිණිස, උන්වහන්සේ විසින් තෝරාගත් මෝසෙස් උන්වහන්සේ ඉදිරියේ කෝප දොරටුවෙහි නොසිටියේ නම්, එසේ කරනවා ඇත.


මාගේ ආත්මය අසරණවන ලෙස ඔව්හු මට යහපත වෙනුවට නපුර කෙරෙති.


ඔබ හදිසියෙන් සේනාවක් ඔවුන්ට විරුද්ධව පමුණුවන කල ඔවුන්ගේ ගෙවලින් කෑගැසීමක් ඇසේවා. මක්නිසාද ඔවුන් මා අසුකරන්ට වළක් හාරා, මාගේ පාදවලට මලපත් සඟවා තැබුවෝය.


වළක් හාරා තබන්නා එහි වැටෙන්නේය; තාප්පයක් කඩන්නාට සර්පයෙක් දෂ්ටකරයි.


වළක් හාරන්නා එහි වැටෙන්නේය; ගලක් පෙරළාගන යන්නා පිටටම ඒක හැරී එන්නේය.


දුෂ්ටයෝ මා විනාශකරන්ට බලා සිටියෝය; එහෙත් මම ඔබගේ ශික්ෂා කල්පනා කරන්නෙමි.


(මෙසේ වුණේ) ඔව්හු නිෂ්කාරණයේ මට වෛරවුණෝයයි ඔවුන්ගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන වචනය සම්පූර්ණවන පිණිසය.


යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: පියාණන්වහන්සේගෙන් බොහෝ යහපත් ක්‍රියා නුඹලාට දැක්වීමි; එයින් කොයි ක්‍රියාව නිසා මට ගල්ගසන්නහුදැයි ඇසූසේක.


ස්වාමීන්වහන්ස, අපේ දුෂ්ටකමත් අපේ පියවරුන්ගේ අපරාධකමත් කියාදෙමුව. මක්නිසාද අපි ඔබට විරුද්ධව පව්කෙළෙමුව.


ඒ නිසා නුඹ මේ සෙනඟ උදෙසා යාච්ඤා නොකරන්න, ඔවුන් උදෙසා විලාපයද යාච්ඤාවද ඔප්පුනොකරන්න. මක්නිසාද ඔවුන් තමුන්ගේ විපත්තිය නිසා මට යාච්ඤාකරන කාලයේදී මම ඔවුන්ගේ වචන නොඅසන්නෙමි.


එබැවින් නුඹ වනාහි මේ සෙනඟ උදෙසා යාච්ඤා නොකරන්න, ඔවුන් උදෙසා විලාපයද යාච්ඤාවද ඔප්පු නොකරන්න, මට කන්නලව්ද නොකරන්න. මක්නිසාද මම නුඹේ බසට කන් නොදෙන්නෙමි.


යහපතට නපුර කරන්නාගේ ගෙයින් විපත පහ නොවන්නේය.


මා යහපත අනුව යන නිසා, යහපතට නපුරකරන්නොත් මට සතුරු වෙති.


ඔහු වළක් කැණ ගැඹුරුකොට හෑරුවේය, තමා හෑරූ බොරු වළේ තෙමේම වැටුණේය.


එසේය, නුඹලා පියා නැත්තා ගැන පවා පසඇට දමා, නුඹලාගේ මිත්‍රයා වෙළඳාම් බඩුවක් කරගන්නහුය.


යොනාතාන් තමාගේ පියවූ සාවුල්ට දාවිත්ගේ ගුණ කියමින්: රජ්ජුරුවෝ තමාගේ සේවකයාවූ දාවිත්ට විරුද්ධව පව් නොකෙරෙත්වා; මක්නිසාද ඔහු ඔබට විරුද්ධව පව් නොකෙළේය, ඔබ පිළිබඳවූ ඔහුගේ ක්‍රියාවලුත් ඔබට ඉතා ප්‍රයෝජනවත්ය.


මක්නිසාද මාගේ සෙනඟ අතරේ දුෂ්ටයෝ සිටිති. බලා සිටින පක්ෂි වැද්දන් නැමෙන්නාක් මෙන් ඔව්හු රැක සිටිති; ඔව්හු මලපතක් තබා මනුෂ්‍යයන් අසුකරගනිති.


එකල ස්වාමීන්වහන්සේ මට මෙසේ කීසේක: මෝසෙස් සහ සාමුවෙල් මා ඉදිරියෙහි සිටියත් මාගේ සිත මේ සෙනඟ දෙසට හැරෙන්නේ නැත. ඔවුන් පිටතට යන පිණිස මා ඉදිරියෙන් හරින්න.


ස්වාමීන්වහන්ස, ඔබ මා සලකා, මා සමඟ විවාදකරන්නන්ගේ ශබ්දය ඇසුව මැනව.


ඔව්හු ස්වාමීන්වහන්සේගේ වචනය ඇත්තාවූ ප්‍රොපේතවරු නම්, ස්වාමීන්වහන්සේගේ ගෘහයෙත් යූදාහි රජුගේ ගෘහයෙත් යෙරුසලමෙත් ඉතුරුව තිබෙන භාණ්ඩ බබිලෝනියට ගෙනනොයන ලෙස සේනාවල ස්වාමීන්වහන්සේට කන්නලව්කරත්වා.


ස්වාමීන්වහන්ස, ඔබ මාගේ පීඩාව දුටුසේක; මට යුක්තිය කරදුන මැනව.


මට පීඩාකරන්නෝ ලජ්ජාවට පැමිණෙත්වා, මා ලජ්ජාවට පැමිණෙන්ට ඉඩ නෑරිය මැනව; ඔව්හු කැලඹෙත්වා, මා කැලඹෙන්ට ඉඩ නෑරිය මැනව. විපත්ති දවස ඔවුන් පිටට පමුණුවා, ද්විගුණ විනාශයකින් ඔවුන් විනාශකළ මැනව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්