Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 35:19 - Sinhala Revised Old Version

19 මට සතුරුව සිටින්නෝ අයුත්තේ මා ගැන ප්‍රීතිමත් නොවෙත්වා. නිෂ්කාරණයේ මට වෛරවන්නෝ ඇස ඉඟි නොකෙරෙත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 මාගේ සතුරෝ අයුක්ති සහගත ව මාගේ දුක ගැන ප්‍රීතිමත් නොවෙත් වා! මාගේ දුක් ගැනවිලි ගැන බැල්මෙන් සෙනඟ කුල්මත් නොවෙත් වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 මාගේ සතුරෝ අයුක්ති සහගත ව මාගේ දුක ගැන ප්‍රීතිමත් නොවෙත් වා! මාගේ දුක් ගැනවිලි ගැන බැල්මෙන් සෙනඟ කුල්මත් නොවෙත් වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 35:19
19 හුවමාරු යොමු  

නිෂ්කාරණයේ මට වෛරවන්නෝ මාගේ ඉසකේවලට වැඩිය. අයුතුලෙස මට සතුරුව මා සිඳ දමන්ට කැමැත්තෝ බලවත්ය. එවිට මා විසින් පැහැර නොගත් දෙය දෙන්ට සිදුවිය.


(මෙසේ වුණේ) ඔව්හු නිෂ්කාරණයේ මට වෛරවුණෝයයි ඔවුන්ගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන වචනය සම්පූර්ණවන පිණිසය.


තමාගේ ඇඟිලිවලින් සංඥාකරන්නාවූ තැනැත්තේ දුර්ජනයෙක්ය, අපරාධකාරයෙක්ය.


නුමුත් මාගේ සතුරෝ ප්‍රාණවත් වෙති, බලවත්වෙති. අයුතුලෙස මට වෛරවන්නෝද වැඩිවූවෝය.


නැත්නම්: ඔහුගෙන් ජයගතිමියි මාගේ සතුරා කියන්නේය; මා චංචලවන කල මාගේ එදිරිකාරයෝද ප්‍රීතිවන්නෝය.


ඇසින් ඉඟිකරන්නා දුක් උපදවයි; එහෙත් දොඩවන මෝඩයාද හෙළාදමනු ලැබේ.


මක්නිසාද: ඔව්හු මා කෙරෙහි ප්‍රීති නොවෙත්වායි මම කීයෙමි. මාගේ පය ලිස්සන විට ඔව්හු මට විරුද්ධව තමුන්ම උසස්කරගනිති.


නිෂ්කාරණයේ මට සතුරුව සිටින අය මා කුරුල්ලෙකු මෙන් තදින් එළෙවුවෝය.


අධිපතීහු නිකරුණේ මට පීඩාකළෝය; නුමුත් මාගේ සිත ඔබගේ වචන වලට භයින් පවතී.


ඔව්හු ද්වේෂ වචනවලින් මා වටකොට නිෂ්කාරණයේ මට විරුද්ධව සටන්කළෝය.


එහෙත් මා පැකුලුණු කල ඔව්හු ප්‍රීතිමත්ව රැස්වූවෝය. නීචයෝ මට විරුද්ධව රැස්වූය, එය දැන නොගත්තෙමි; ඔව්හු නොනැවතී මා ඉරාදැමුවෝය.


මාගේ දෙවියන්වහන්ස, ඔබ කෙරෙහි විශ්වාසකෙළෙමි, මම ලජ්ජා නොවෙම්වා; මා කෙරෙහි ජය නාද පවත්වන්ට මාගේ සතුරන්ට ඉඩ නුදුන මැනව.


දෙවියන්වහන්සේට විරුද්ධව නුඹේ සිත හරවා, නුඹේ කටින් මෙබඳු වචන නික්මවන හැටියට,


මම පැකිලෙන්ට ළංව සිටිමි, මාගේ දුකද නිතරම මා ඉදිරියෙහිය.


මා යහපත අනුව යන නිසා, යහපතට නපුරකරන්නොත් මට සතුරු වෙති.


දෙවියන්වහන්ස, ඔබ මාගේ අඥානකම දන්නාසේක; මාගේ පව්ද ඔබගෙන් සැඟවී නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්