ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 104:20 - Sinhala Revised Old Version

ඔබ අඳුර පමුණුවනසේක, එවිට රෑවේ; එකල වනයේ සියලු මෘගයෝ බැහැරයති.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔබ අඳුර පමුණුවන සේක; එවිට රැය වේ. එකල සියලු වන මෘගයෝ බැහැරට එති.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔබ අඳුර පමුණුවන සේක; එවිට රැය වේ. එකල සියලු වන මෘගයෝ බැහැරට එති.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 104:20
7 හුවමාරු යොමු  

පොළොව පවතිනතුරු වපුරන කාලය සහ කපන කාලයද ශීතය සහ උෂ්ණයද ග්‍රීෂ්ම කාලය සහ ශීත කාලයද දවාල සහ රාත්‍රියද නොනවතින්නේයයි කීසේක.


මක්නිසාද වනයේ සියලු සතුන් සහ දහස් ගණන් කඳුවල ගවයොත් මාගේය.


දිවාභාගය ඔබගේය, රාත්‍රියත් ඔබගේය. ඔබ ආලෝකයද සූර්යයාද පිළියෙළකළසේක.


එළිය සාදන්නාවූ, අන්ධකාරය උපදවන්නාවූ, සමාදානය දෙන්නාවූ, විපත උපදවන්නාවූ තැනන්වහන්සේ වෙමි; මම මේ සියල්ල සිදු කරන ස්වාමීන්වහන්සේයයි කියනසේක.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අම්මොන් පුත්‍රයන්ගේ වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා ඔවුන්ගේ දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු තමුන්ගේ සීමාව විශාලකරගන්න පිණිස ගිලියද්හි ගර්භිණීන් ඉරාදැම්මෝය.