ඔව්හු හෙරෝදිවරුන් සමඟ තමුන්ගේ ගෝලයන් උන්වහන්සේ ළඟට යැවුවෝය. ඔව්හුද: ආචාරීන්වහන්ස, ඔබ සැබෑ කෙනෙක් බවත්, දෙවියන්වහන්සේගේ මාර්ගය සැබෑලෙස උගන්වන බවත්, මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන බැවින් කිසිවෙකු නොසලකන බවත් දනිමු.
ගලාති 1:10 - Sinhala Revised Old Version ඉතින් මා විසින් සතුටු කරන්ට හදන්නේ මනුෂ්‍යයන්ද? නොහොත් දෙවියන්වහන්සේද? නොහොත් මා මනුෂ්‍යයන් ප්‍රසන්නකරන්ට සොයනවාද? මම තවම මනුෂ්‍යයන් ප්‍රසන්නකරම් නම් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක් නොවෙමි. Sinhala New Revised Version මා සොයන්නේ මිනිසුන්ගේ පැසසීම ද? නැතහොත් දෙවියන් වහන්සේ පැසසීම ද? මා පතන්නේ මිනිසුන් සතුටු කරන්න ද? මා තවමත් පතන්නේ මිනිසුන් සතුටු කිරීම නම් මම ක්‍රිස්තුන් වහන්සේගේ දාසයෙක් නොවෙමි. සිංහල කාලීන පරිවර්තනය මා දිනා ගන්නට වැර දරන්නේ මිනිසුන්ගේ ප්‍රසාදය ද? දෙවියන්වහන්සේගේ ප්‍රසාදය ද? මා වෙහෙසෙන්නේ මිනිසුන් සතුටු කරන්නට ද? මා තවමත් මිනිසුන් සතුටු කරන්නෙක් නම්, මා ක්‍රිස්තුස්වහන්සේගේ දාසයකු වන්නේ නැත. Sinhala New Revised Version 2018 මා සොයන්නේ මිනිසුන්ගේ පැසසීම ද? නැතහොත් දෙවියන් වහන්සේ පැසසීම ද? මා පතන්නේ මිනිසුන් සතුටු කරන්න ද? මා තවමත් පතන්නේ මිනිසුන් සතුටු කිරීම නම් මම ක්‍රිස්තුන් වහන්සේගේ දාසයෙක් නොවෙමි. |
ඔව්හු හෙරෝදිවරුන් සමඟ තමුන්ගේ ගෝලයන් උන්වහන්සේ ළඟට යැවුවෝය. ඔව්හුද: ආචාරීන්වහන්ස, ඔබ සැබෑ කෙනෙක් බවත්, දෙවියන්වහන්සේගේ මාර්ගය සැබෑලෙස උගන්වන බවත්, මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන බැවින් කිසිවෙකු නොසලකන බවත් දනිමු.
ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවයකරන්ට කිසිවෙකුට නුපුළුවන. මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛරවී අනික් අයට ප්‍රියවන්නේය; නොහොත් එක්කෙනෙකුට ඇලුම්වී අනික් අය හෙළාදකින්නේය. දෙවියන්වහන්සේට සහ වස්තුවටත් සේවයකරන්ට නුඹලාට නුපුළුවන.
ඔහු තීර් සහ සීදොන් වැසියන්ට ඉතා කෝපව සිටියේය. ඔව්හු තමුන්ගේ රට රජුගේ රටෙන් පෝෂණයකරනු ලැබූ බැවින්, එක්සිත්ව ඔහු ළඟට ඇවිත්, රජුගේ ගෙයි ඇමතියා වන බ්ලාස්තුස් මිත්‍රකරගෙන, සමාදානය ඉල්ලුවෝය.
පේතෘස්ද ප්‍රේරිතයෝද උත්තරදෙමින්: මනුෂ්‍යයන්ට වඩා දෙවියන්වහන්සේට අප විසින් කීකරු විය යුතුය.
නුමුත් ඇතුළතින් යුදෙව්වෙක්ව සිටින්නා යුදෙව්වෙක් වේ; චර්මඡේද්‍යය නම් ලියවිල්ලේ හැටියට නොව ආත්මයේ හැටියට සිතෙහි වූ එකය; එබඳු අයට මනුෂ්‍යයන්ගෙන් නොව දෙවියන්වහන්සේගෙන් ප්‍රශංසාව ලැබේ.
එසේම නුඹලාත් යුදෙව්වරුන්ටවත් ග්‍රීක්වරුන්ටවත් දෙවියන්වහන්සේගේ සභාවටවත් බාධා හේතු නොවී සිටින්න.
අපිම නුඹලා ඉදිරියෙහි නිදොස්වන්ට උත්සාහකරමුයයි මෙපමණ කල් නුඹලා සිතන්ට ඇත. අප කථාකරන්නේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි ක්‍රිස්තුස්වහන්සේ තුළය. නුමුත්, ප්‍රේමවන්තයෙනි, මේ සියල්ල නුඹලාගේ වර්ධනයවීම පිණිසය.
මනුෂ්‍යයන් සතුටුකරන්නන් මෙන් පෙනීමට වැඩ නොකොට, ක්‍රිස්තුස්වහන්සේගේ දාසයන් මෙන් සිතින් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්න.
ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයන්වූ පාවුල්ද තිමෝතියස්ද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පිලිප්පියෙහි සිටින සියලු ශුද්ධවන්තයන්ටත් නායකයන් හා උපස්ථායකයන්ටත් ලියා එවන වග නම්:
දාසයෙනි, මනුෂ්‍යයන් සතුටුකරන්නන් මෙන් පෙනීමට නොව ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව හිතේ අවංකකමෙන්, මාංසාකාරයෙන් නුඹලාගේ ස්වාමිවරුන්ව සිටින්නන්ට සියල්ලෙහිදී කීකරුවෙන්න.
නුමුත් ශුභාරංචිය භාරගැනීමට අපි සුදුස්සෝයයි දෙවියන්වහන්සේ අප ඒත්තුගත් ප්‍රකාරයටම, මනුෂ්‍යයන් නොව අපේ සිත් විමසන දෙවියන්වහන්සේව සතුටුකරන ලෙස කථාකරමුව.
කාමමිථ්‍යාචාරික තැනැත්තියෙනි, ලෝකය සමඟ මිත්‍රකම දෙවියන්වහන්සේට සතුරුකම බව නුඹලා දන්නේ නැද්ද? එබැවින් කවරෙක් නුමුත් ලෝකයට මිත්‍රවෙන්ට කැමැත්තේ නම්, ඔහු දෙවියන්වහන්සේට සතුරෙක් වන්නේය.
දෙවියන්වහන්සේගෙන් ඉපදී සිටින කිසිවෙක් පව්කරන්නේ නැත, මක්නිසාද ඔහු තුළ උන්වහන්සේගේ බීජය පවතින්නේය. දෙවියන්වහන්සේගෙන් ඉපදී සිටින බැවින් පව්කරන්ට ඔහුට නුපුළුවන.
තවද ඒ දවසේදී සාවුල්ගේ වැඩකාරයන්ගෙන් එක්කෙනෙක්වූ සාවුල්ගේ එඬේරුන්ගේ ප්‍රධානියා වන දොවෙග් නම්වූ ඒදොමිය මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි එහි නැවතී සිටියේය.