මක්නිසාද මේ දෙවියන්වහන්සේ සදාකල්හිම අපේ දෙවියන්වහන්සේය. උන්වහන්සේ මරණය දක්වා අපට මග පෙන්වනසේක.
ගණන් කථාව 9:20 - Sinhala Revised Old Version සමහරවිට වලාකුළ මණ්ඩපය පිට ස්වල්ප දවසක් නැවතුණේය; එකල ඔව්හු ස්වාමීන්වහන්සේගේ අණ ලෙස කූඩාරම්වල නැවතී සිටියෝය, ඔව්හු ස්වාමීන්වහන්සේගේ අණ ලෙස ගමන් කළෝය. Sinhala New Revised Version මෙලෙස වලාකුළ මණ්ඩපය මත දින ස්වල්පයක් තිබූ විට සමිඳාණන් වහන්සේගේ අණ පරිදි ඔව්හු තමන්ගේ කූඩාරම්වල පදිංචි වූ හ. සමිඳාණන් වහන්සේගේ අණ පරිදි ඔව්හු යන්නට ද පිටත් වූ හ. Sinhala New Revised Version 2018 මෙලෙස වලාකුළ මණ්ඩපය මත දින ස්වල්පයක් තිබූ විට සමිඳාණන් වහන්සේගේ අණ පරිදි ඔව්හු තමන්ගේ කූඩාරම්වල පදිංචි වූ හ. සමිඳාණන් වහන්සේගේ අණ පරිදි ඔව්හු යන්නට ද පිටත් වූ හ. |
මක්නිසාද මේ දෙවියන්වහන්සේ සදාකල්හිම අපේ දෙවියන්වහන්සේය. උන්වහන්සේ මරණය දක්වා අපට මග පෙන්වනසේක.
ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන්කළෝය, ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට ඔව්හු කූඩාරම් ගසාගත්තෝය. වලාකුළ මණ්ඩපය පිට නැවතී තිබුණු මුළු කාලයෙහි ඔව්හු තමුන්ගේ කූඩාරම්වල සිටියෝය.
වලාකුළ මණ්ඩපය පිට බොහෝ දවස් නැවතුණු කල ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන් නොකොට ස්වාමීන්වහන්සේගේ සේවය බලාගත්තෝය.
සමහරවිට වලාකුළ සවස පටන් උදය දක්වා නැවතී තිබුණේය; උදය වලාකුළ ඔසවනු ලැබූ විට ඔව්හු ගමන්කළෝය. දවාලේ හෝ රාත්‍රියේ හෝ වලාකුළ ඔසවනු ලැබුයේනම් ඔව්හු ගමන්කළෝය.
මහත්වූ භයානකවූ දෙවිකෙනෙක් ව සිටින නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා අතරෙහි සිටින බැවින් ඔවුන් නිසා තැති නොගන්න.