Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 9:20 - Sinhala New Revised Version 2018

20 මෙලෙස වලාකුළ මණ්ඩපය මත දින ස්වල්පයක් තිබූ විට සමිඳාණන් වහන්සේගේ අණ පරිදි ඔව්හු තමන්ගේ කූඩාරම්වල පදිංචි වූ හ. සමිඳාණන් වහන්සේගේ අණ පරිදි ඔව්හු යන්නට ද පිටත් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 මෙලෙස වලාකුළ මණ්ඩපය මත දින ස්වල්පයක් තිබූ විට සමිඳාණන් වහන්සේගේ අණ පරිදි ඔව්හු තමන්ගේ කූඩාරම්වල පදිංචි වූ හ. සමිඳාණන් වහන්සේගේ අණ පරිදි ඔව්හු යන්නට ද පිටත් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 සමහරවිට වලාකුළ මණ්ඩපය පිට ස්වල්ප දවසක් නැවතුණේය; එකල ඔව්හු ස්වාමීන්වහන්සේගේ අණ ලෙස කූඩාරම්වල නැවතී සිටියෝය, ඔව්හු ස්වාමීන්වහන්සේගේ අණ ලෙස ගමන් කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 9:20
8 හුවමාරු යොමු  

මේ දෙවිඳාණෝ සදහට ම අපේ දෙවිඳාණෝ ය; “ඉර හඳ පවතින තුරු එතුමාණෝ අපට මඟපෙන්වන සේකැ”යි කියන්න.


හුදෙක් නුඹේ ම නුවණෙහි නොපිහිටා, මුළු හිතින් හිමි තුම කෙරෙහි විශ්වාසය තබන්න.


හැම දෙයක දී ම සමිඳුන් සිහි කරන්න; එතුමා ඔබට හරි මඟ පෙන්වනු ඇත.


එවිට මෝසෙස් මඟින් සමිඳාණන් වහන්සේ දුන් අණ පරිදි ඔව්හු ඉදිරියට ගමන් ගත්හ.


මෙලෙස ඔව්හු සමිඳාණන් වහන්සේගේ අණ පරිදි යන්නට පිටත් වූ හ; සමිඳාණන් වහන්සේගේ අණ පරිදි කූඩාරම් ගැසූ හ. වලාකුළ සම්මුඛ මණ්ඩපය වසා සිටි මුළු කාලය තුළ ම ඔව්හු තම තමන්ගේ කූඩාරම්වල පදිංචි වූ හ.


බොහෝ දවසක් වලාකුළ මණ්ඩපය වසාගෙන සිටි විට ද ඔව්හු සමිඳාණන් වහන්සේගේ අණට කීකරු ව ඉදිරියට ගමන් නොකළහ.


සමහර විට වලාකුළ සවස සිට උදය දක්වා එහි තිබී, උදය කාලයේ දී ඉවත් කරනු ලැබී නම් ඔව්හු යන්නට වූ හ. දවල් කාලයේ හෝ රාත්‍රි කාලයේ හෝ වේ වා, වලාකුළ ඉවත් කරනු ලැබූ විට ඔව්හු යන්නට පිටත් වූ හ.


ඔබ ඔවුන්ට බිය නොවිය යුතු ය. ඔබ අතර වැඩ සිටින ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ බලවත්, බිය උපදවන දෙවි කෙනෙකු වන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්