ලෙවීවරුන්ගෙන් ගණන්ගන්නාලද්දේ තිස් අවුරුද්ද පටන් ඉන් ඉහළට වයස් ඇති අයය. එසේ එක්කෙනෙක් එක්කෙනෙක් පාසා ගණන්ගන්නාලද පුරුෂයන්ගේ ගණන තිස්අට දහසක් විය.
ගණන් කථාව 8:24 - Sinhala Revised Old Version ලෙවීවරුන් සම්බන්ධ කාරණය මෙසේය–විසිපස් අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇත්තෝ සම්මුඛවීමේ කූඩාරමේ වැඩකරන පිණිස සේවයට ඇතුල්වෙත්වා. Sinhala New Revised Version “පහත දක්වන දේ ද ලෙවීවරුන් සම්බන්ධ ය. අවුරුදු විසි පහේ සිට ඊට වඩා වයසැති අය සම්මුඛ මණ්ඩපය තුළ සේවාව ඉටු කළ යුතු ය. Sinhala New Revised Version 2018 “පහත දක්වන දේ ද ලෙවීවරුන් සම්බන්ධ ය. අවුරුදු විසි පහේ සිට ඊට වඩා වයසැති අය සම්මුඛ මණ්ඩපය තුළ සේවාව ඉටු කළ යුතු ය. |
ලෙවීවරුන්ගෙන් ගණන්ගන්නාලද්දේ තිස් අවුරුද්ද පටන් ඉන් ඉහළට වයස් ඇති අයය. එසේ එක්කෙනෙක් එක්කෙනෙක් පාසා ගණන්ගන්නාලද පුරුෂයන්ගේ ගණන තිස්අට දහසක් විය.
එනම් තමුන්ගේ පියවංශවල හැටියට ලියවුණාවූ, අවුරුදු විස්සේ පටන් ඉන් ඉහළට වයස් ඇත්තාවූ, තමුන්ගේ පංක්තිවල තමුන්ගේ තනතුරුවල සිටියාවූ පූජකයන්ද ලෙවීවරුන්ද,
එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාව කෙරෙහි උදහස නොපැමිණෙන පිණිස ලෙවීවරු සාක්ෂි මණ්ඩපය වටකරින් කූඩාරම් ගසා ගන්නෝය. ලෙවීවරුන්ම සාක්ෂි මණ්ඩපයේ සේවය භාරගත යුතුයයි කීසේක.
තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇති, සම්මුඛවීමේ කූඩාරමෙහි වැඩකරන පිණිස සේවයට ඇතුල්වන්නාවූ සියල්ලන් ගණන්කරන්න.
තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇති, සම්මුඛවීමේ කූඩාරමෙහි වැඩ කරන පිණිස සේවයට ඇතුල්වන කොහාත්ගේ සියලුම පුත්‍රයන්ගේ ගණන ගන්න.
තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇති සම්මුඛවීමේ කූඩාරමෙහි වැඩකරන පිණිස සේවයට ඇතුල්වන්නාවූ සියල්ලන් ගණන්කරන්න.
සම්මුඛවීමේ කූඩාරමෙහි වැඩකරන පිණිස ඇතුල් වෙන්නාවූ සියල්ලෝ තමුන්ගේ පවුල්වල ප්‍රකාරයට තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරනු ලැබුවෝය.
කොයිකලකවත් තමාගේම වියදමෙන් හේවාකම්කරන්නේ කවුද? මිදිවත්තක් වවා එහි ඵල නොකන්නේ කවුද? නොහොත් ගව රැළක් පෝෂ්‍යකොට උන්ගේ කිරිවලින් නොකන්නේ කවුද?
(මක්නිසාද අපේ යුද්ධායුධ මාංසික නොවේය, එහෙත් ඒවා බලකොටු බිඳහෙළීමට දෙවියන්වහන්සේ ඉදිරිපිට බලසම්පන්නය.)
මාගේ පුත්‍රවූ තිමෝතියස්නි, නුඹ ගැන කලින් කීවාවූ අනාගතවාක්‍ය ලෙස මේ ආඥාව නුඹට භාරදෙමි.
ඇදහිල්ලේ යහපත් සටනෙන් සටන්කොට සදාකාල ජීවනය අල්ලාගන්න, ඊට නුඹ කැඳවනු ලැබ, බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියෙහි යහපත් ප්‍රකාශනය කර සිටියෙහිය.