ඔහු තමාගේ වෙන්ව සිටීමේ දවස් ස්වාමීන්වහන්සේට වෙන්කොට වරද පූජාවක් වශයෙන් එක් අවුරුදු බැටළු පැටවෙකු ගෙනේවා. එහෙත් ඔහුගේ කැපව සිටීම කිලුටුවූ නිසා පළමු දවස් අවලංගුවන්නේය.
ගණන් කථාව 6:13 - Sinhala Revised Old Version නසරීයයාගේ කැපව සිටීමේ දවස් සම්පූර්ණවූ කල ඔහු ගැන ව්‍යවස්ථාව මේය: ඔහු සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩට පමුණුවනු ලැබ, Sinhala New Revised Version ‘තමන් කැප වූ කාලය අවසාන වූ පසු, නාසරීයයෙකු සම්බන්ධ පහත දැක්වෙන නීති වලංගු වේ. ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරකඩට පැමිණ Sinhala New Revised Version 2018 ‘තමන් කැප වූ කාලය අවසාන වූ පසු, නාසරීයයෙකු සම්බන්ධ පහත දැක්වෙන නීති වලංගු වේ. ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරකඩට පැමිණ |
ඔහු තමාගේ වෙන්ව සිටීමේ දවස් ස්වාමීන්වහන්සේට වෙන්කොට වරද පූජාවක් වශයෙන් එක් අවුරුදු බැටළු පැටවෙකු ගෙනේවා. එහෙත් ඔහුගේ කැපව සිටීම කිලුටුවූ නිසා පළමු දවස් අවලංගුවන්නේය.
එබැවින් අප විසින් නුඹට කියන දේ කරන්න. බාරයක් වුණාවූ මනුෂ්‍යයෝ සතරදෙනෙක් අප අතරේ සිටිති;
එවිට පාවුල් ඒ මනුෂ්‍යයන් රැගෙන, පසුවදා ඔවුන් සමඟ පවිත්‍ර වී දේවමාළිගාවට පැමිණ, ඔවුන් එකිනෙකා උදෙසා පූජාවක් ඔප්පුකරන තුරු පවිත්‍රවීමේ දවස් සම්පූර්ණකරන බව දැන්නුවේය.
ඒ දවස් සත සම්පූර්ණවෙන්ට ළංවූ කල ආසියාවෙන් ආවාවූ යුදෙව්වරු දේවමාළිගාවේදී ඔහු දැක, මුළු සමූහයා කලඹා, ඔහු පිට අත් හෙළා: ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි, උපකාරකරන්න.