Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 21:26 - Sinhala Revised Old Version

26 එවිට පාවුල් ඒ මනුෂ්‍යයන් රැගෙන, පසුවදා ඔවුන් සමඟ පවිත්‍ර වී දේවමාළිගාවට පැමිණ, ඔවුන් එකිනෙකා උදෙසා පූජාවක් ඔප්පුකරන තුරු පවිත්‍රවීමේ දවස් සම්පූර්ණකරන බව දැන්නුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 පසුවදා පාවුලු ඒ මනුෂ්‍යයන් හා එක් වී, ඔවුන් හා සමඟ පවිත්‍ර වීමේ පිළිවෙත පැවැත්විය. ඉන්පසු පාවුලු පවිත්‍ර වීම අවසාන වන කාලය ද ඔවුන් එකිනෙකා උදෙසා ඔප්පු කළ යුතු පූජාව ද දැනුම් දෙන පිණිස දේව මාලිගාවට ඇතුළු විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

26 පසු දින පාවුල් ඒ මිනිසුන් කැටිව ගොස්, ඔවුන් සමඟ තමා ද පවිත්‍ර කරගත්තේ ය. ඉන්පසු පවිත්‍ර වීම සම්පූර්ණ වන දිනයත්, ඔවුන් එකිනෙකා ඔප්පු කළ යුතු පුද පූජාත් ගැන දැනුම් දෙන පිණිස, ඔහු දේව මාලිගයට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 පසුවදා පාවුලු ඒ මනුෂ්‍යයන් හා එක් වී, ඔවුන් හා සමඟ පවිත්‍ර වීමේ පිළිවෙත පැවැත්විය. ඉන්පසු පාවුලු පවිත්‍ර වීම අවසාන වන කාලය ද ඔවුන් එකිනෙකා උදෙසා ඔප්පු කළ යුතු පූජාව ද දැනුම් දෙන පිණිස දේව මාලිගාවට ඇතුළු විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 21:26
6 හුවමාරු යොමු  

ඒ අතරේදී සමූහයක්වත් කෝලාහලයක්වත් නැතුව, මා දේවමාළිගාවෙහි පවිත්‍රකරනු ලැබ සිටිනවා ඔවුන්ට සම්බවිය. එහෙත් ආසියාවේ සිට ආවාවූ සමහර යුදෙව්වරු එහි සිටියෝය.


යුදෙව්වරුන් දිනාගන්නා පිණිස යුදෙව්වරුන් අතරෙහි යුදෙව්වෙකු මෙන්ද ව්‍යවස්ථාව යටතේ නොසිටින මම ව්‍යවස්ථාවට යටත්වූවන් දිනාගන්නා පිණිස, ව්‍යවස්ථාව යටතේ සිටින්නන්ට ව්‍යවස්ථාව යටතේ සිටින කෙනෙකු මෙන්ද වුණෙමි.


ඔවුන් රැගෙන නුඹද ඔවුන් සමඟ පවිත්‍රව, ඔවුන්ගේ හිස් මුඩුකරන්ට වියදම දරන්න. එවිට නුඹ ගැන තමුන්ට ආරංචිවූ කාරණාවලින් එකක්වත් සැබෑ නොවන බවත් නුඹම ව්‍යවස්ථාව රක්ෂාකරමින් හැසිරෙන බවත් සියල්ලන්ම දැනගන්නවා ඇත.


යම් මනුෂ්‍යයෙකුගේ මළකඳක ස්පර්ශවන තැනැත්තේ සත් දවසක් අපවිත්‍රව සිටින්නේය.


එකල යුදෙව්වරුන්ගේ පාස්කු මංගල්‍යය ළංව තිබුණේය. බොහෝ දෙනෙක් තමුන්ම පවිත්‍රකර ගන්නා පිණිස පාස්කු මංගල්‍යයට පළමුවෙන් පිට පළාත්වලින් නික්ම යෙරුසලමට ගියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්