Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 21:27 - Sinhala Revised Old Version

27 ඒ දවස් සත සම්පූර්ණවෙන්ට ළංවූ කල ආසියාවෙන් ආවාවූ යුදෙව්වරු දේවමාළිගාවේදී ඔහු දැක, මුළු සමූහයා කලඹා, ඔහු පිට අත් හෙළා: ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි, උපකාරකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 ඒ දවස් සත සම්පූර්ණ වෙත් ම, ආසියාවෙන් පැමිණි ජුදෙව්වරු දේව මාලිගාවේ දී පාවුලු දැක, මුළු ජනකාය කළඹා, ඔහු අල්ලා ගෙන,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

27 හත් දවස සම්පූර්ණ වෙමින් තිබියදී, ආසියා කලාපයෙන් පැමිණි යුදෙව්වන්ගෙන් ඇතමෙක් පාවුල් දේව මාලිගයේ සිටිනු දුටුවහ. එකල ඔවුහු මුළු ජන සමූහයා කලඹවාගෙන අවුත්, ඔහු අල්ලාගෙන,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 ඒ දවස් සත සම්පූර්ණ වෙත් ම, ආසියාවෙන් පැමිණි ජුදෙව්වරු දේව මාලිගාවේ දී පාවුලු දැක, මුළු ජනකාය කළඹා, ඔහු අල්ලා ගෙන,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 21:27
24 හුවමාරු යොමු  

මේ කාරණය නිසා යුදෙව්වරු දේවමාළිගාවේදී මා අල්ලා මරන්ට හැදුවෝය.


ඒ අතරේදී සමූහයක්වත් කෝලාහලයක්වත් නැතුව, මා දේවමාළිගාවෙහි පවිත්‍රකරනු ලැබ සිටිනවා ඔවුන්ට සම්බවිය. එහෙත් ආසියාවේ සිට ආවාවූ සමහර යුදෙව්වරු එහි සිටියෝය.


නුමුත් යුදෙව්වරු භක්තිවන්ත කුල ස්ත්‍රීන්ද නුවර ප්‍රධානීන්ද පොලඹවා, පාවුල් සහ බාර්ණබස්ට විරුද්ධව පීඩාවක් උපදවා, තමුන්ගේ සීමාවලින් ඔවුන් පිටතට ලූවෝය.


එහෙත් ගලියෝ අකායේ අධිපතියාව සිටියදී යුදෙව්වරු එක්සිත්ව පාවුල්ට විරුද්ධව නැගිට, ඔහු විනිශ්චයාසනය ඉදිරියට ගෙනැවිත්:


නුමුත් පාවුල් විසින් බෙරීයයෙහිදීත් දෙවියන්වහන්සේගේ වචනය ප්‍රකාශ කළ බව තෙසලෝනිකයේ යුදෙව්වරු දැන, එතැනටත් පැමිණ, සමූහයා පොලඹා කැලඹෙවුවෝය.


නුමුත් අන්තියෝකියෙන්ද ඉකෝනියෙන්ද යුදෙව්වරු ඇවිත් සමූහයන් පොළඹවාගන, පාවුල්ට ගල්ගසා, ඔහු නැසුණේයයි සිතා නුවරින් පිටතට ඇද්දෝය.


අන්‍යජාතීන්ද යුදෙව්වරුන්ද තමුන්ගේ ප්‍රධානීන් සමඟ ඔවුන්ට නිග්‍රහකරන්ටත් ගල්ගසන්ටත් යෝජනාවක් කළ කල්හි,


නුමුත් අකීකරුවූ යුදෙව්වරු අන්‍ය ජාතීන්ගේ සිත් කලඹා, ඔවුන් සහෝදරයන්ට විරුද්ධව එදිරිකෙරෙවුවෝය.


තවද ඔව්හු සෙනඟද වැඩිමහල්ලන්ද ලියන්නන්ද කලඹා, ඔහුට විරුද්ධව ඇවිත් ඔහු අල්ලා මන්ත්‍රණ සභාවට ගෙනැවිත්:


ප්‍රේරිතයන් අල්ලා ප්‍රසිද්ධ හිරගෙයි දැමුවෝය.


ඔවුන් කරා පැමිණ, ඔවුන් පිට අත් හෙළා, සවස්වූ බැවින් පසුවදා වන තුරු හිරගෙයි තැබුවෝය.


නුමුත් ඒ සියල්ලට පළමුවෙන් මාගේ නාමය නිසා ඔව්හු නුඹලා පිට අත්හෙළා, සිනගෝගවලටත් හිරගෙවලටත් නුඹලා පාවාදෙමින්, නුඹලාට පීඩාකරන්නෝය, නුඹලා රජුන් හා ආණ්ඩුකාරයන් ඉදිරියට ගෙනයන්නෝය.


(සැබවින්ම තමාගේ භාර්යාවවූ යෙසෙබෙල් විසින් පොළඹවනු ලැබ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කරන්ට තමාම භාරවුණාවූ ආහබ්ට සමාන කිසිවෙක් නොසිටියේය.


නුමුත් ඔහුගේ කැපවූ හිස අපවිත්‍රවෙන පරිද්දෙන් යමෙක් ඔහු ළඟ ඉතා හදිසියෙන් මළොත්, ඔහු පිරිසිදුවෙන දවසේ එනම් සත්වෙනි දවසේ තමාගේ හිස බූගා ගනීවා.


නසරීයයාගේ කැපව සිටීමේ දවස් සම්පූර්ණවූ කල ඔහු ගැන ව්‍යවස්ථාව මේය: ඔහු සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩට පමුණුවනු ලැබ,


යම් මනුෂ්‍යයෙකුගේ මළකඳක ස්පර්ශවන තැනැත්තේ සත් දවසක් අපවිත්‍රව සිටින්නේය.


පාර්තිවරුද මේදවරුද ඒලාම්වරුද මෙසොපොතාමියෙහිත් යුදය සහ කපදෝකියෙහිත් පොන්තසය සහ ආසියාවෙහිත්,


එහෙත් ලිබර්තීනයන්ගේ සිනගෝගය කියන සිනගෝගයට අයිතිවූවන්ගෙන්ද කිරේනියයන්ගෙන්ද අලෙක්ෂන්ද්‍රියයන්ගෙන්ද කිලිකිය සහ ආසියාවේ වැසියන්ගෙන්ද සමහරෙක් නැගිට ස්තේපන් සමඟ විවාදකළෝය.


ඔව්හු ආසියාවේදී වචනය කියාදෙන්ට ශුද්ධාත්මයාණන් විසින් තහනම් කරනු ලැබ, පිරිගිය සහ ගලාතිය පළාත මැදින් ගියෝය;


මම සිතේ සියලු ආකාර යටත්කමින්ද කඳුළුවලින්ද යුදෙව්වරුන්ගේ උපා නිසා පැමිණි අමාරුකම්වලින්ද යුක්තව, ස්වාමීන්වහන්සේට සේවයකෙළෙමි.


නමස්කාර කරන පිණිස මා යෙරුලමට ගොස් දැනට දොළොස් දවසකට වඩා නැති බව ඔබට දැනගන්ට පුළුවන.


තවද බොහෝවිට ගමන්වලටද, ගංගා උපද්‍රවවලටද, සොර උපද්‍රවවලටද, මාගේ රට වැසියන්ගෙන් පැමිණි උපද්‍රවවලටද, අන්‍යජාතීන්ගෙන් පැමිණි උපද්‍රවවලටද, නුවරෙහි උපද්‍රවවලටද, වනයේ උපද්‍රවවලටද, මුහුදේ උපද්‍රවවලටද, බොරු සහෝදරයන්ගෙන් පැමිණි උපද්‍රවවලටද;


අන්‍යජාතීන් ගැළවෙන පිණිස ඔවුන්ට කථාකිරීම අපට තහනම්කරති. මෙසේ ඔව්හු නිතරම තමුන්ගේ පව් සම්පූර්ණ කරති. උදහස තීන්දුවටම ඔවුන් කෙරෙහි පැමිණ තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්