ස්වාමීන්වහන්සේගේ වචනය ප්‍රකාර, මෝසෙස් විසින් අණ කළ ලෙස, ලෙවීගේ පුත්‍රයෝ දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියේ පොලු තමුන්ගේ කරපිට තබාගන එය ගෙනගියෝය.
ගණන් කථාව 4:5 - Sinhala Revised Old Version කඳවුර නික්මෙන කල ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ අවුත් වහන තිරය බාගෙන එයින් සාක්ෂි පෙට්ටිය වසා, Sinhala New Revised Version “කඳවුරේ කූඩාරම් ගලවා ඉදිරියට යා යුතු අවස්ථාව පැමිණි විට, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් විත් ගිවිසුම් කරඬුව ඉදිරිපිට ඇති තිරය ගලවා, එයින් ගිවිසුම් කරඬුව වැසිය යුතු ය. Sinhala New Revised Version 2018 “කඳවුරේ කූඩාරම් ගලවා ඉදිරියට යා යුතු අවස්ථාව පැමිණි විට, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් විත් ගිවිසුම් කරඬුව ඉදිරිපිට ඇති තිරය ගලවා, එයින් ගිවිසුම් කරඬුව වැසිය යුතු ය. |
ස්වාමීන්වහන්සේගේ වචනය ප්‍රකාර, මෝසෙස් විසින් අණ කළ ලෙස, ලෙවීගේ පුත්‍රයෝ දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියේ පොලු තමුන්ගේ කරපිට තබාගන එය ගෙනගියෝය.
මණ්ඩපය සහ එහි සේවයට අයිති සියලු බඩුත් ලෙවීවරුන්ට තවත් ගෙනයන්ට වෙන්නේ නැත කියාද දාවිත් කීවේය.
ඔහු නිල්, රත්නිල්, රතු නූල්වලිනුත් සිහින් හණ නූල්වලිනුත් තිරයද ඒ පිට කෙරූබ්-රූපද සෑදුවේය.
ඔහු නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින් තිරය සෑදුවේය. කෙරුබිම් රූප සහිතව දක්ෂ කර්මාන්ත කරුවෙකුගේ කර්මාන්තයෙන් එය සෑදුවේය.
දුම් පූජාව පිණිස රන් පූජාසනය සාක්ෂි පෙට්ටිය ඉදිරියෙහි තබා මණ්ඩපයේ දොරකඩ කඩතුරාව එල්ලා තබන්න.
උන්වහන්සේ මේ කන්දේදී සියලු ජනයන් කෙරෙහි වසා තිබෙන වැස්මත් සියලු ජාතීන් කෙරෙහි අතුරා තිබෙන තිරයත් නැතිකරදමනසේක.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: නුඹේ සහෝදරවූ ආරොන් නොනස්නා පිණිස තිරය ඇතුළතින් ශුද්ධස්ථානයෙහි පෙට්ටිය පිට තිබෙන කරුණාසනය ඉදිරියට නිතරම ඇතුල් නොවන ලෙස ඔහුට කියන්න. මක්නිසාද මම කරුණාසනය මතුයේ වලාකුළෙහි පෙනෙන්නෙමි.
පළමුකොට යූදා පුත්‍රයන්ගේ කඳවුරේ ධජය ඔවුන්ගේ සේනාවල හැටියට පිටත්විය. ඔහුගේ සේනාවට අධිපතියා අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන්ය.
කඳවුර පිටත්වන කල, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ශුද්ධස්ථානය සහ ශුද්ධස්ථානයේ සියලු බඩුද වසා නිමකළ පසු, කොහාත්ගේ පුත්‍රයෝ ඒක ගෙනයන පිණිස එත්වා. එහෙත් ඔව්හු නොනස්නා පිණිස ශුද්ධස්ථානයට අතනොගසත්වා. සම්මුඛවීමේ කූඩාරමෙහි කොහාත්ගේ පුත්‍රයන්ට ගෙනයන්ට තිබෙන්නේ මේවාය.
එහෙත් කොහාත්ගේ පුත්‍රයන්ට ඔහු කිසිවක් දුන්නේ නැත. මක්නිසාද ඔවුන්ට තිබුණේ ශුද්ධස්ථානයේ වැඩය; ඔවුන් බර ගෙනයන්නේ කරෙන්ය.
මෝසෙස් මේ ව්‍යවස්ථාව ලියා, ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන ලෙවීගේ පුත්‍රයන්වූ පූජකයන්ටද සියලු ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ටද එය භාරදී,
ඊට ශුද්ධස්ථානයයි කියනලදී. දෙවෙනි තිරය ඇතුළෙන් අති ශුද්ධස්ථානයයයි කියනලද මණ්ඩපය තිබුණේය.
බෙත්-ෂෙමෙෂ්හි මනුෂ්‍යයන් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඇර බැලූ නිසා උන්වහන්සේ සෙනඟගෙන් සැත්තෑ දෙනෙකුටත් පනස් දහසකටත් පහර දුන්සේක. ස්වාමීන්වහන්සේ සෙනඟ අතරෙහි මහත් නාස්තියක් කළ බැවින් සෙනඟ වැලපුණාහ.