උන්වහන්සේ ස්ත්‍රියට කථාකොට: නුඹේ ශෝකය හා ගැබ්ගැනීම බොහෝසෙයින් වැඩිකරන්නෙමි; නුඹ වේදනා සහිතව දරුවන් වදන්නීය; නුඹේ ආශාව නුඹේ පුරුෂයා කෙරෙහි වන්නේය; ඔහු නුඹ කෙරෙහි බලපවත්වන්නේයයි කීසේක.
ගණන් කථාව 30:7 - Sinhala Revised Old Version ඇගේ පුරුෂයා ඒ ඇසූ දවසේදී කිසිවක් නොකීවොත්, ඇගේ බාරද ඈ බැඳුණු ඇගේ බැඳීම්ද ස්ථිර වන්නේය. Sinhala New Revised Version ඇගේ සැමියා ඒවා ගැන ඇසූ දිනක නිහඬ වන්නේ නම් ඈ කළ බාර හා දුන් පොරොන්දු සියල්ල ඉටු කළ යුතු ය. Sinhala New Revised Version 2018 ඇගේ සැමියා ඒවා ගැන ඇසූ දිනක නිහඬ වන්නේ නම් ඈ කළ බාර හා දුන් පොරොන්දු සියල්ල ඉටු කළ යුතු ය. |
උන්වහන්සේ ස්ත්‍රියට කථාකොට: නුඹේ ශෝකය හා ගැබ්ගැනීම බොහෝසෙයින් වැඩිකරන්නෙමි; නුඹ වේදනා සහිතව දරුවන් වදන්නීය; නුඹේ ආශාව නුඹේ පුරුෂයා කෙරෙහි වන්නේය; ඔහු නුඹ කෙරෙහි බලපවත්වන්නේයයි කීසේක.
(ස්ත්‍රීන් වන) අපත් අහස් දේවීහට සුවඳ දුම් ඔප්පුකර පානපූජා වගුරුවන විට, අප විසින් එසේ ඈට සේවයකිරීමට කැවුම් සෑදුවෙත් පානපූජා වැගිරෙවුවෙත් අපේ පුරුෂයන් නොදැනුවත්වදැයි කීවෝය.
ඇගේ බාර ඈ පිට තිබියදී නොහොත් ඈ බැඳෙන හැටියට අපරීක්ෂාවෙන් ඇගේ තොල්වලින් කියාවුණාවූ දේ තිබියදී ඈ පුරුෂයෙකු සමඟ විවාහවූවානම්,
එහෙත් ඇගේ පුරුෂයා ඒ ඇසූ දවසේදී ඈට තහනම් කළොත්, ඈ කෙරෙහි තිබෙන ඇගේ බාරයද ඈ බැඳෙන හැටියට අපරීක්ෂාවෙන් ඇගේ තොල්වලින් කියවුණාවූ වචනද ඔහු අවලංගුකරන්නේය. ස්වාමීන්වහන්සේද ඈට ක්ෂමාකරනසේක.
පුරුෂයෙකු ඇති ස්ත්‍රී පුරුෂයා ජීවත්ව සිටිනතෙක් ව්‍යවස්ථාවෙන් ඔහුට බැඳී සිටින්නීය; නුමුත් පුරුෂයා මැරුණොත්, පුරුෂයාට බැඳී සිටි ව්‍යවස්ථාවෙන් ඈ මිදී සිටින්නීය.
ඈ බාරයක්වෙමින්: සේනාවල ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකාරීගේ දුක සැබවින් බලා මා සිහිකර, ඔබගේ මෙහෙකාරී මතක නැතිනොකර, ඔබගේ මෙහෙකාරීට පිරිමි දරුවෙක් දෙනසේක් නම්, ඔහුගේ ජීවිතයේ සෑමදාටම ඔහු ස්වාමීන්වහන්සේට දෙන්නෙමි, දැළිපිහියක්ද ඔහුගේ හිස පිටට නොපැමිණෙන්නේයයි කීවාය.
ඇගේ පුරුෂයාවූ එල්කානා: නුඹට යහපත්ව පෙනෙන දේ කරන්න; ඔහු කිරිවරන තුරු නවතින්න; නුමුත් ස්වාමීන්වහන්සේ තමන්ගේ වචනය ඉෂ්ටකරන සේක්වයි ඈට කීවේය. මෙසේ ඒ ස්ත්‍රී නැවතී තමාගේ පුත්‍රයා කිරිවරන තුරු ඔහුට කිරි දුන්නාය.