Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 1:23 - Sinhala Revised Old Version

23 ඇගේ පුරුෂයාවූ එල්කානා: නුඹට යහපත්ව පෙනෙන දේ කරන්න; ඔහු කිරිවරන තුරු නවතින්න; නුමුත් ස්වාමීන්වහන්සේ තමන්ගේ වචනය ඉෂ්ටකරන සේක්වයි ඈට කීවේය. මෙසේ ඒ ස්ත්‍රී නැවතී තමාගේ පුත්‍රයා කිරිවරන තුරු ඔහුට කිරි දුන්නාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 ඇගේ පුරුෂයා වන එල්කානා ඈට පිළිතුරු දෙමින්, “ඔබට හොඳ යයි සිතෙන දේ කරන්න; දරුවා කිරි වරන තුරු නැවතී සිටින්න. සමිඳාණන් වහන්සේ තමන්ගේ පොරොන්දුව ඉෂ්ට කරන සේක් වා”යි කීවේ ය. මෙසේ හන්නා නැවතී සිට සිය පුතා කිරි වරන තුරු ඔහුට කිරි දුන්නා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 ඇගේ පුරුෂයා වන එල්කානා ඈට පිළිතුරු දෙමින්, “ඔබට හොඳ යයි සිතෙන දේ කරන්න; දරුවා කිරි වරන තුරු නැවතී සිටින්න. සමිඳාණන් වහන්සේ තමන්ගේ පොරොන්දුව ඉෂ්ට කරන සේක් වා”යි කීවේ ය. මෙසේ හන්නා නැවතී සිට සිය පුතා කිරි වරන තුරු ඔහුට කිරි දුන්නා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 1:23
12 හුවමාරු යොමු  

ඉතින් ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාද ඔහුගේ වංශයද ගැන ඔබ කී වචනය සදාකාලේටම ස්ථිරකොට ඔබ කී ලෙස කළමැනව.


තවද උන්වහන්සේ මේ වචන කියද්දී සමූහයා අතරෙන් එක්තරා ස්ත්‍රියෙක් ශබ්දනගා: ඔබවහන්සේ දැරූ කුසයද ඔබවහන්සේට කිරිදුන් තනද වාසනාවන්තයයි උන්වහන්සේට කීවාය.


නුමුත් ඒ දවස්වල ගර්භිණීන්ටත් කිරිදෙන ස්ත්‍රීන්ටත් දුක්වේ.


මම වනාහි තමන් මෙහෙකරුවාගේ වචනය ස්ථිරකරන්නාවූ, තමන් පණිවිඩකාරයන්ගේ මන්ත්‍රණය ඉෂ්ටකරන්නාවූ, වැසියෝ එහි සිටින්නෝය කියා යෙරුසලම ගැනද, ගොඩනගනු ලැබේය කියා යූදාහි නුවරවල් ගැනද: එහි පාළු ඉඩම් උස්සන්නෙමියි කියාද කියන්නාවූ තැනන්වහන්සේය.


එහෙත් මවු කුසින් මා බිහිකළ තැනන්වහන්සේ ඔබමය; මාගේ මවුගේ ළයෙහි හුන්කල ඔබ මා විශ්වාසයෙන් සිටින්ට සැලැස්සූසේක.


එවිට ඒලී උත්තරදෙමින්: සමාදානයෙන් යන්න; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගෙන් නුඹ කළ ඉල්ලීම උන්වහන්සේ නුඹට ඉෂ්ටකරදෙනසේක්වයි කීවේය.


එහෙත් ඇගේ පුරුෂයා ඒ ඇසූ දවසේදී ඒවා මුළුමනින්ම අවලංගු කෙළේනම්, ඇගේ බාරවල් ගැනද ඇගේ බැඳීම ගැනද ඇගේ තොල්වලින් නික්මුණාවූ කිසිවක් ස්ථිර නොවන්නේය. ඇගේ පුරුෂයා ඒවා අවලංගු කෙළේය; ස්වාමීන්වහන්සේද එය ඈට ක්ෂමාකරනසේක.


තවද සාවුල් කථාකොට: අපි අද රාත්‍රියේ පිලිස්තිවරුන් පස්සේ ගොස් ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරුනොකර පහන්වෙන තෙක් ඔවුන්ගෙන් කොල්ලගනිමුයයි කීවේය. ඔව්හුද: ඔබට හොඳව පෙනෙන කොයි දේ වුවත් එය කළ මැනවැයි කීවෝය. එවිට පූජකයා: අපි මෙහි දෙවියන්වහන්සේ වෙතට ළංවමුයයි කීවේය.


එවිට ඔහු: නුඹලා එක පක්ෂයක සිටින්න, මමද මාගේ පුත්‍රවූ යොනාතාන්ද අනික් පක්ෂයේ සිටිමුයයි සියලු ඉශ්‍රායෙල්වරුන්ට කීවේය. ඔබට යහපත්ව පෙනෙන දෙයක් කළමැනවයි සෙනඟ සාවුල්ට කීවෝය.


උදය මාගේ දරුවාට කිරිදෙන්ට නැගුටුණු විට ඔහු මැරී උන්නේය. නුමුත් මා උදය ඔහු විමසා බැලූ විට ඔහු මා බිහිකළ මාගේ පුත්‍රයා නොවන බව දැනගතිමියි කීවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්