ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 26:13 - Sinhala Revised Old Version

ශෙරාගෙන් පැවත ආ ශෙරා පවුලය. ෂාවුල්ගෙන් පැවත ආ ෂාවුල් පවුලය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ශෙරාගෙන් පැවතෙන ශෙරා පවුල ය; ෂාවුල්ගෙන් පැවතෙන ෂාවුල් පවුල ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ශෙරාගෙන් පැවතෙන ශෙරා පවුල ය; ෂාවුල්ගෙන් පැවතෙන ෂාවුල් පවුල ය.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 26:13
6 හුවමාරු යොමු  

සිමියොන්ගේ පුත්‍රයෝ, යෙමුවෙල්, යාමීන්, ඔහද්, යාඛින්, ශොහාර් සහ කානානිය ස්ත්‍රියෙකුගේ පුත්‍රවූ ෂාවුල්ය.


අටවෙනි මාසයට අටවෙනි අධිපතියා නම් සෙරෙහිවරුන්ගෙන් එක්කෙනෙක්වූ හුෂාතිය සිබ්බෙකයිය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.


දසවෙනි මාසයට දසවෙනි අධිපතියා නම් සෙරහිවරුන්ගෙන් එක්කෙනෙක්වූ නෙටොපාතිය මහරයිය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.


තමුන්ගේ පවුල්වල හැටියට සිමියොන්ගේ පුත්‍රයෝ මොව්හුය: නෙමුවෙල්ගෙන් පැවත ආ නෙමුවෙල් පවුලය. යාමීන්ගෙන් පැවත ආ යාමීන් පවුලය. යාකීන්ගෙන් පැවත ආ යාකීන් පවුලය.


සිමියොන්වරුන්ගේ පවුල් ඒවාය, විසි දෙදාස් දෙසියයක්ය.


ඔහු යූදාගේ ගෝත්‍රය ළංකෙරෙවුවිට ශෙරහිවරුන්ගේ පවුල අසු විය. ශෙරහිවරුන්ගේ පවුල එක එක පෙළපත වශයෙන් ළංකෙරෙවු විට ශබ්දීගේ පෙළපත අසුවිය.