ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 19:6 - Sinhala Revised Old Version

පූජකයා කිහිරි දඬුද හිසොප්ද රතු ලොම්ද රැගෙන ගොන් නෑම්බිය දැවෙන ගින්න මැදට දමාවා.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පූජකවරයා ම කිහිරි ගහෙන් දර කෑලි ද හිසොප් නම් පැළ ද රතු රෙදි කඩක් ද ගෙන වැස්සී දැවෙන ගින්න මැදට දැමිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

පූජකවරයා ම කිහිරි ගහෙන් දර කෑලි ද හිසොප් නම් පැළ ද රතු රෙදි කඩක් ද ගෙන වැස්සී දැවෙන ගින්න මැදට දැමිය යුතු ය.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 19:6
6 හුවමාරු යොමු  

හිසොපින් මා පිරිසිදුකළ මැනව, එවිට මම පවිත්‍රවන්නෙමි. මා සේදුව මැනව. එවිට මම හිමට වඩා සුදුවන්නෙමි.


ඉතින් එන්න, අපි කාරණා කථා කරගනිමුයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹලාගේ පව් රතු පාට මෙන් තිබෙන නුමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේය; ඒවා ලාක්ෂා මෙන් රතුව තිබෙන නුමුත් සුදු ලොම් මෙන් වන්නේය.


පවිත්‍ර වෙන්ට සිටින්නා උදෙසා පණ ඇති පවිත්‍රවූ පක්ෂීන් දෙදෙනෙක්ද කිහිරි දඬුද රතු ලොම්ද හිසොප්ද ගෙනෙන්ට පූජකයා අණකරාවා.


ඔහු ගෙය පවිත්‍රකරන පිණිස පක්ෂීන් දෙදෙනෙක්ද කිහිරි දඬුද රතු ලොම්ද හිසොප්ද රැගෙන,


එවිට පූජකයා පණ ඇති පක්ෂියා සහ කිහිරි දඬුද රතු ලොම්ද හිසොප්ද රැගෙන ඒවාද පණ ඇති පක්ෂියාද බැස යන ජලය පිට මරනලද පක්ෂියාගේ ලෙයෙහි ගිල්වා,