Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 14:4 - Sinhala Revised Old Version

4 පවිත්‍ර වෙන්ට සිටින්නා උදෙසා පණ ඇති පවිත්‍රවූ පක්ෂීන් දෙදෙනෙක්ද කිහිරි දඬුද රතු ලොම්ද හිසොප්ද ගෙනෙන්ට පූජකයා අණකරාවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 පවිත්‍ර වීමේ පිළිවෙත සඳහා පණපිටින් පවිත්‍ර පක්ෂීන් දෙදෙනෙකු ද කිහිරි ගසින් ලී කෑල්ලක් ද දම් පාට රෙදි කඩක් ද හිසොප් නම් පැළෑටියක් ද ගෙනෙන්නට අණ කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 පවිත්‍ර වීමේ පිළිවෙත සඳහා පණපිටින් පවිත්‍ර පක්ෂීන් දෙදෙනෙකු ද කිහිරි ගසින් ලී කෑල්ලක් ද දම් පාට රෙදි කඩක් ද හිසොප් නම් පැළෑටියක් ද ගෙනෙන්නට අණ කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 14:4
11 හුවමාරු යොමු  

පූජකයා කිහිරි දඬුද හිසොප්ද රතු ලොම්ද රැගෙන ගොන් නෑම්බිය දැවෙන ගින්න මැදට දමාවා.


මක්නිසාද මෝසෙස් ව්‍යවස්ථාවේ හැටියට මුළු සෙනඟට සියලු ආඥා කියාදුන් පසු, වස්සන්ගෙත් එළුවන්ගෙත් ලේ, වතුරද රතු ලොම්ද හිසොප්ද සමඟ ගෙන:


එවිට පූජකයා පණ ඇති පක්ෂියා සහ කිහිරි දඬුද රතු ලොම්ද හිසොප්ද රැගෙන ඒවාද පණ ඇති පක්ෂියාද බැස යන ජලය පිට මරනලද පක්ෂියාගේ ලෙයෙහි ගිල්වා,


හිසොපින් මා පිරිසිදුකළ මැනව, එවිට මම පවිත්‍රවන්නෙමි. මා සේදුව මැනව. එවිට මම හිමට වඩා සුදුවන්නෙමි.


හිසොප් මිටියක් ගෙන ඒක තැටියේ තිබෙන ලෙයෙහි ගල්වා තැටියෙහි තිබෙන ලෙයින් උළුවස්සේ උඩ පඩිකඳේද කණු දෙකේද ඉසින්න; නුඹලා අතරෙන් කිසිවෙක් උදය වන තුරු තමන් ගෙයි දොරකඩින් පිට නොයා යුතුය.


එවිට පවිත්‍ර කෙනෙක් හිසොප් රැගෙන ඒ වතුරේ ගල්වා කූඩාරමේද එහි සියලු භාජනවලද එහි සිටිය සියලු තැනැත්තන් පිටද ඇටයක්වත් මැරුම්කෑ කෙනෙක්වත් මළකෙනෙක්වත් මිනීවළක්වත් ස්පර්ශවූ තැනැත්තා පිටද ඉසීවා.


බැටළුපැටවෙකු ගෙනෙන්ට ඈට වත්කම නැත්නම් ඈ කොබෙයියන් දෙදෙනෙක් හෝ පරෙවිපැටවුන් දෙදෙනෙක් හෝ ගෙනේවා; එයින් එකෙක් දවන පූජාවටය, අනිකා පාප පූජාවටය. පූජකයාද ඈ උදෙසා සමගිකමක් කරන්නේය, ඈ පවිත්‍රවන්නීයයි කීසේක.


එළු පැටවෙකු හෝ බැටළු පැටවෙකු හෝ ගෙනෙන්ට ඔහුට වත්කම නැත්නම් ඔහු තමා කළ පාපය ගැන කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ස්වාමීන්වහන්සේ වෙතට ගෙනෙන්ට ඕනෑය; එකෙක් පාප පූජාවක් පිණිසය, අනිකා දවන පූජාවක් පිණිසය.


ඉදින් ස්වාමීන්වහන්සේට ඔහුගේ පූජාව පක්ෂීන්ගෙන් වූ දවන පූජාවක් නම්, කොබෙයියන්ගෙන් හෝ පරෙවි පැටවුන්ගෙන් හෝ ඔහු තමාගේ පූජාව ඔප්පුකළ යුතුය.


පක්ෂීන්ගෙන් එකෙකු මැටි භාජනයක බැසයන ජලය පිට මරන්ට අණකළ යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්