නුමුත් ඔහු බලවත්වූ කල, නපුර කරන ලෙස ඔහුගේ සිත උඩඟුවිය; ඔහු දුම් පූජාසනය පිට සුවඳ දුම් ඔප්පුකරන පිණිස ස්වාමීන්වහන්සේගේ මාලිගාවට ඇතුල්වීමෙන් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව වරද කෙළේය.
ගණන් කථාව 17:5 - Sinhala Revised Old Version තවද මා විසින් තෝරාගන්න මනුෂ්‍යයාගේ සැරයටිය ලියලනවා ඇත. එසේ ඉශ්‍රායෙල් පුත්‍රයන් නුඹලාට විරුද්ධව කොඳුරන ඔවුන්ගේ කෙඳිරීම් මා වෙතට පැමිණීම නවතින්ට සලස්වන්නෙමියි කීසේක. Sinhala New Revised Version මම යමෙකු තෝරාගන්නෙම් ද ඔහුගේ සැරයටියෙහි දලු ලියලන්නේ ය. නුඹට විරුද්ධ ව මැසිවිලි දොඩවන ඉශ්රායෙල් ජනයාගේ මැසිවිලි මා වෙත පැමිණීම මම මෙයින් නවතාලන්නෙමි”යි වදාළ සේක. Sinhala New Revised Version 2018 මම යමෙකු තෝරාගන්නෙම් ද ඔහුගේ සැරයටියෙහි දලු ලියලන්නේ ය. නුඹට විරුද්ධ ව මැසිවිලි දොඩවන ඉශ්රායෙල් ජනයාගේ මැසිවිලි මා වෙත පැමිණීම මම මෙයින් නවතාලන්නෙමි”යි වදාළ සේක. |
නුමුත් ඔහු බලවත්වූ කල, නපුර කරන ලෙස ඔහුගේ සිත උඩඟුවිය; ඔහු දුම් පූජාසනය පිට සුවඳ දුම් ඔප්පුකරන පිණිස ස්වාමීන්වහන්සේගේ මාලිගාවට ඇතුල්වීමෙන් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව වරද කෙළේය.
මොව්හු පෙළපත් වශයෙන් ගණන් ගන්නාලද ලේඛනයෙහි තමුන්ගේ නම් සෙවූ නුමුත් සම්බනූණ බැවින් අපවිත්‍ර යයි සලකනු ලැබ, පූජක තනතුරෙන් අහක්කරනු ලැබුවෝය.
උදය ස්වාමීන්වහන්සේගේ තේජස දකින්නහුය; මක්නිසාද ස්වාමීන්වහන්සේට විරුද්ධව නුඹලාගේ කෙඳිරීම් උන්වහන්සේට ඇසෙයි. නුඹලා අපට විරුද්ධව කොඳුරන්ට අපි කවුරුදැයි කීවෝය.
මම ලෝකයාට ඔවුන්ගේ නපුරුකම නිසාත් දුෂ්ටයන්ට ඔවුන්ගේ අයුතුකම නිසාත් දඬුවම්කරන්නෙමි; උඩඟු අයගේ අහංකාරය නවත්වා, බලාත්කාරකරන්නන්ගේ ආඩම්බරය පහත්කරන්නෙමි.
මතු පැමිණෙන දවස්වල යාකොබ් මුල් අදින්නේය; ඉශ්‍රායෙල් මල්ගෙන දළුලන්නේය. ඔවුන් පොළෝතලය ඵලයෙන් පුරවනවා ඇත.
එබැවින් ගිනි දැල්ලට ඉපනැල්ල දාලායන්නාක්මෙන්ද වියළි තෘණ ගින්නට වැටීයන්නාක්මෙන්ද ඔවුන්ගේ මුල දිරුම මෙන් වන්නේය, ඔවුන්ගේ මල ධූලි මෙන් නැගීයන්නේය. මක්නිසාද ඔව්හු සේනාවල ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව එපාකර, ඉශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනන්වහන්සේගේ වචනය සුළුකළෝය.
ඔවුන් නුඹේ ගෙවල් ගිනිලා, බොහෝ ස්ත්‍රීන් ඉදිරියේදී විනිශ්චයන් නුඹ කෙරෙහි ඉෂ්ටකරනවා ඇත; වේශ්‍යාකම්කිරීමෙන්ද නුඹ නවත්වන්නෙමි, පණයම්ද නුඹ තවත් නොදෙන්නෙහිය.
මෙසේ නුඹේ සල්ලාලකමද නුඹ මිසර දේශයේදී පටන්ගත් නුඹේ වේශ්‍යාකමද නුඹෙන් නවත්වන්නෙමි. නුඹ ඔවුන් දෙස නුඹේ ඇස් නොඔසවන්නෙහිය, මිසරය තවත් සිහි නොකරන්නෙහිය.
මම ඉශ්‍රායෙල්ට පිනි මෙන් වන්නෙමි. ඔහු මානෙල් මෙන් මල් දරන්නේය, ලෙබනොන් මෙන් මුල් අදින්නේය.
මණ්ඩපය ගෙනයන්ට ඕනෑවූ කල ලෙවීවරු ඒක බාගන්නෝය. මණ්ඩපය පිහිටුවන්ට ඕනෑවූ කල ලෙවීවරු ඒක පිහිටුවන්නෝය. අන්‍යයෙක් ළංවුණොත් ඔහු මරනු ලැබිය යුතුය.
සෙනඟ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කොඳුරන්නන් මෙන් දොස්කියමින් සිටියෝය. ස්වාමීන්වහන්සේට එය ඇසුණු කල උන්වහන්සේගේ උදහස ඇවුළුණේය; ස්වාමීන්වහන්සේගේ ගින්න ඔවුන් අතරේ පත්තුවී කඳවුරු සීමාවෙහි දැවෙමින් ගියේය.
එබැවින් නුඹත් නුඹේ මුළු සමාගමත් ස්වාමීන්වහන්සේට විරුද්ධව රැස්ව සිටිති. නුඹලා විසින් ආරොන්ට විරුද්ධව කොඳුරන්ට ඔහු කවුදැයි කීවේය.
ඔහු කෝරාට සහ ඔහුගේ මුළු සමාගමට කථාකොට: ස්වාමීන්වහන්සේ තමන්ට අයිතිවූ අය කවුද කියාත් ශුද්ධවූ තැනැත්තා කවුද කියාත් හෙට උදය දන්වාදී ඒ අය තමන් ළඟට පමුණුවනවා ඇත. උන්වහන්සේ තෝරාගන්න අයම තමන් ළඟට පමුණුවනවා ඇත.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඔවුන් නොනසින පිණිස නුඹ විසින් ඔවුන්ගේ කෙඳිරීම නිමකිරීම සඳහා ආරොන්ගේ සැරයටිය කැරළිකාර පුත්‍රයන්ට ලකුණක් කොට තිබෙන්ට නැවත සාක්ෂි පෙට්ටිය ඉදිරියෙහි තබන්නැයි කීසේක.
මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකෙළේය, ඔවුන්ගේ සියලු අධිපතියෝ තමුන්ගේ පිය වංශවල එක එක අධිපතියාට එක සැරයටියක් බැගින් සැරයටි දොළොසක් ඔහුට දුන්නෝය. ආරොන්ගේ සැරයටියද ඔවුන්ගේ සැරයටි අතරේ තිබුණේය.
පසුවදා මෝසෙස් සාක්ෂි මණ්ඩපයට ඇතුල්වූ කල, බලව, ලෙවීගේ වංශය වෙනුවට තිබුණු ආරොන්ගේ සැරයටිය දළුලා මොට්ටු හටගැනී මල් පිපී පැසුණු කොට්ටම්බා ඇතුව තිබුණේය.
නුඹලා ඔවුන්ට කථාකර: ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි යොර්දානේ ජලය බෙදී ගිය නිසාය; පෙට්ටිය යොර්දානෙන් මෙතරට එන විට යොර්දාන් ජලය බෙදී ගියේය. මේ ගල්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ට සදාකාල සිහිවීමක් පිණිස වන්නේයයි කියන්නැයි කීවේය.