ඔහු ඉස්සරහින් යෙරිකෝවේ සිටි ශිෂ්‍ය ප්‍රොපේතවරු ඔහු දැක: එලියාට තිබුණු ආත්මය එලිෂා කෙරෙහි පිහිටා තිබේය කියා ඔහුගේ පෙරමගට ගොස් බිමට නැමී ඔහුට වැන්දෝය.
ගණන් කථාව 11:25 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ වලාකුළ පිරිවරා බැස්සසේක්, ඔහුට කථාකොට ඔහු කෙරෙහි තිබුණු ආත්මයෙන් ගෙන වැඩිමහල්ලන් සැත්තෑදෙනා කෙරෙහි තැබූසේක. එසේ ආත්මය ඔවුන් කෙරෙහි පිහිටි කල ඔව්හු ප්‍රොපේත වාක්‍ය කීවෝය, නුමුත් පසුව එසේ නොකීවෝය. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ වලාකුළකින් බැස, අවුත් මෝසෙස්ට කතා කොට, ඔහු මත වූ ආත්මානුභාවයෙන් කොටසක් ගෙන මූලිකයන් හැත්තෑදෙනාට දුන් සේක. ආත්මානුභාවය ඔවුන් මත පහළ වූ විට, ඔව්හු මඳ වේලාවක් දිවැස් වැකි කීමට පටන්ගත්හ. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ වලාකුළකින් බැස, අවුත් මෝසෙස්ට කතා කොට, ඔහු මත වූ ආත්මානුභාවයෙන් කොටසක් ගෙන මූලිකයන් හැත්තෑදෙනාට දුන් සේක. ආත්මානුභාවය ඔවුන් මත පහළ වූ විට, ඔව්හු මඳ වේලාවක් දිවැස් වැකි කීමට පටන්ගත්හ. |
ඔහු ඉස්සරහින් යෙරිකෝවේ සිටි ශිෂ්‍ය ප්‍රොපේතවරු ඔහු දැක: එලියාට තිබුණු ආත්මය එලිෂා කෙරෙහි පිහිටා තිබේය කියා ඔහුගේ පෙරමගට ගොස් බිමට නැමී ඔහුට වැන්දෝය.
ඔවුන්ට ගුරුකම් දෙන පිණිස ඔබගේ යහපත් ආත්මය ඔබ දුන්සේක, ඔවුන්ගේ මුඛයෙන් ඔබගේ මන්නා ඔබ අහක්කර නොගත්සේක, ඔවුන්ගේ පිපාසයටද ඔබ ඔවුන්ට වතුර දුන්සේක.
උන්වහන්සේ වලා ටැඹින් ඔවුන්ට කථාකළසේක. ඔව්හු උන්වහන්සේගේ ශික්ෂා හා ඔවුන්ට දුන් පනත පැවැත්වූවෝය.
එහෙත් දැන් ඔබ ඔවුන්ගේ පාපය ක්ෂමා කරන්ට කැමතිවනසේක් නම් [යහපත]; නැතහොත් ඔබවහන්සේ ලියා තිබෙන පොතෙන් මා මකාදැමුව මැනවයි කීවේය.
එවිට ස්වාමීන්වහන්සේ වලාකුළ ඇතුව බැස එහි ඔහු සමඟ සිට ස්වාමීන්වහන්සේගේ නාමය ප්‍රකාශකළසේක.
මක්නිසාද මණ්ඩපය උඩ දවාලේ ස්වාමීන්වහන්සේගේ වලාකුළද රාත්‍රියේ ගින්නද මුළු ඉශ්‍රායෙල් වංශයේ ඇස් ඉදිරියෙහි ඔවුන්ගේ සියලු ගමන්වලදී වූයේය.
එවිට උන්වහන්සේ පුරාතන දවස්ද මෝසෙස් සහ තමන්ගේ සෙනඟද සිහිකළසේක. තමන්ගේ රැළේ එඬේරා සමඟ ඔවුන් මුහුදෙන් ගෙනා තැනන්වහන්සේ කොයිද? තමන් ශුද්ධාත්මය ඔවුන් මැද තැබූ තැනන්වහන්සේ කොයිද?
ඉශ්‍රායෙල් වංශයේ වැඩිමහල්ලන්ගෙන් සැත්තෑ දෙනෙක්ද ඔවුන් මැද ෂාපාන්ගේ පුත්‍රවූ යාසනියාද එක එකා තම තමාගේ අතේ තම තමාගේ දුම් භාජනය ඇතුව ඒවා ඉදිරියෙහි සිටියෝය; දුම් වලාකුළේ සුගන්ධය ඉහළට නැංගේය.
මම බැස එහිදී නුඹ සමඟ කථාකරන්නෙමි. නුඹ තනියම සෙනඟගේ බර නූසුලා, ඔවුන් නුඹ සමඟ එය උසුලන පිණිස නුඹ කෙරෙහි තිබෙන ආත්මයෙන් ගෙන මම ඔවුන් කෙරෙහි තබන්නෙමි.
එවිට මෝසෙස් නැගිට දාතාන් හා අබීරාම් ළඟට ගියේය; ඉශ්‍රායෙල්වරුන්ගේ වැඩිමහල්ලෝද ඔහු පස්සේ ගියෝය.
බාලාම් තමාගේ ඇස් ඔසවා ඉශ්‍රායෙල්වරුන් තමුන්ගේ ගෝත්‍ර ප්‍රකාරයට වාසයකරන බව දුටුවේය; දෙවියන්වහන්සේගේ ආත්මයද ඔහු කෙරෙහි පැමිණියේය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ආත්මය ඇති මනුෂ්‍යයෙක් වන නූන්ගේ පුත්‍රවූ යෝෂුවා කැඳවා නුඹේ අත ඔහු පිට තබන්න;
ඔවුන්ගෙන් අගබස් නම් කෙනෙක් නැගිට, මුළු ලෝකයෙහි මහත් සාගතයක් වන්නේයයි ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන දැන්වූයේය. ඒ වනාහි ක්ලෞදියස්ගේ දවස්වලදී සිදුවිය.
සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද කිසි වෙනස්වීමක්වත් හැරීමේ ඡායාවක්වත් නැත්තාවූ ආලෝකවල පියාණන්වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේය.
මක්නිසාද කිසි අනාගතවාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේය. නුමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මයාණන් විසින් පොලඹවනු ලැබ, දෙවියන්වහන්සේගෙන් ලැබූ ලෙස කථාකළෝය.
ස්වාමීන්වහන්සේගේ ආත්මය ඔහු කෙරෙහි පැමිණියෙන්, ඔහු ඉශ්‍රායෙල්වරුන් විනිශ්චයකරමින් යුද්ධයට පිටත්ව ගියේය. ස්වාමීන්වහන්සේ මෙසොපොතාමියේ රජවූ කුෂන්-රිෂාතයිම් ඔහු අතට පාවාදුන්සේක. ඔහුගේ අත කුෂන්-රිෂාතයිම්ට විරුද්ධව ජයගත්තේය.
ඔවුන් ඒ හෙල ළඟට පැමිණි කල, බලව, ප්‍රොපේත කණ්ඩායමක් ඔහුට සම්බවිය; දෙවියන්වහන්සේගේ ආත්මයද ඔහු කෙරෙහි ආනුභාසම්පන්නව පැමිණියේය, එවිට ඔහු ඔවුන් අතරේ ධර්මවාක්‍ය පැවසුවේය.